Monday, August 1, 2011

අපිත් අද ලෙඩ නිවාඩු..

ටෙලිකොම් කියා ජනප්‍රිය ආයතනයක් ඇත.එහි වර්ථමාන ආදර්ශ පාඨය එකම රටක් එකම හඬක් යන්නය.අපි අද ඒ ආයතනය ට විරුද්ධව ලෙඩ නිවාඩු දමා වැඩ වර්ජනය කරමු.අපනම් එස් එල් ටී මෑන්පවර් සේවක පිරිසයි.මෑන්පවර් ක්‍රමයට බඳවාගන්නා ලද සේවකයින් 2000ක් පමණ දැනට ටෙලිකොම් ආයතනයට සෘජුවම බැදී සේවය කරයි.2008 ජූලි මස පිහිටුවන ලද මෑන්පවර් සොලියුෂන් ආයතනය හරහා දැන් අවුරුදු 3ක් තිස්සේ කිසිදු වෘත්තීය අයිතිවාසිකම්ක් ලබා දී අපවෙතින් ලබාගන්නා ලබන වහල් සේවයට එරෙහිව අප දැන් ටෙලිකොම් සේවකයින් සමග එකතුව වෘත්තීය සටන් ආරම්භ කොට ඇත.

*අප මෑන්පවර් සේවක මහතෙකුගේ සාමාන්‍ය අතිකාල දීමනාව පැයක් සදහා රුපියල් 100කට අඩු අගයක් ගන්නා අතර ඒ හා සමාන්තර ටෙලිකොම් ස්ථිර සේවකයින්ගේ එම අතිකාල අගය රුපියල් 200ට 300ටවඩා වැඩි වෙයි.එයින්ම කෙතරම් වැටුප් පරතරයක් අප අතර ඇතිදැයි පෙනෙනු ඇත

*.සාමාන්‍යෙයන් සමාන්තර ටෙලිකොම් සේවකයින් බොහෝ දෙනාගේ මූලික වැටුප් රුපියල් විසිපන්දහසකට වැඩි වන අතර අපගේ මූලික වැටුප රුපියල් 12500කට වඩා අඩු අගයක් ගනී.

*2008 අගෝස්තු මස අත්සන් කරන ලද ගිවිසුම් ප්‍රකාරව එකග වීඇති සොච්චම් පඩියට අප තවමත් වැඩ කරන අතර ඉන්පසු ඇතිවූ කිසුදු වෙනසක් මෑණ්පවර් ආයතනය මගින් සලකා බලා නැත.

*පඩි ආදි අනෙකුත් දේ වෙනස් කිරිමට සිදුවන නිසා සියලු මෑන්පවර් සේවකයින්ගේ කොන්තරත් සේවා කාල මාස 3න් 6න් සහ මාස 2න් ආදි වැඩිකල බවට ලියුම් එවනවා විනා කිසිදු අයුරකින් අපගේ කොන්තරත් ගිවිසුම අලුත් වීම මෙතාක් සිදු වී නැත.

*සාමාන්‍යෙයන් ආයතනයක සේවකයින් කොන්ත්‍රාක් පදනම මත තබාගත හැකි කාලයක් පවතින අතර සේවා ස්ථානය වගකීම් සහ පැවරීම් එලෙසම තිබියදී..තවදුරත් අප කොන්ත්‍රාක් පදනම මතම නැවත බදවාගැනීමේ පටිපාටියක් මෑන්පවර් ආයතනය මගින් සිදුකරයි.

*පවතින ක්‍රමය අනුව කුමන අංශයක කෙසේ ටෙලිකොම් ආයතනය වෙනුවෙන් මැන්පවර් සේවකයින් ක්‍රියා කලත් ඔවුන්ට කිසිදු කාර්යාලිය පුටුවක් මේසයක් වත් ලැබෙන්නේ නැත.කොට්න්ම පාර්බෝගික සේවා නිලදාරින් ලෙස පත්වීම් ලබන මෑන්පවර් සේවකයින් පවා වසර ගානක් එකතැන සිටියත් මේස පුටු,කොම්පියුටර ආදිය ඉල්ලාගෙන වැඩ කල යුතු වෙයි.

*බොහෝ මේසන් බාස් ගෝලයින් වැඩකරන කුඩා ඉදිකිරීම් සේවකයන් වැඩ කරන ආයතනවල පවා සේවකයින්ට ජංගම දුරකතන ලබාදීම් හෝ සිම්පත් ලබාදීම් බිල් ගෙවීම් සිදු කෙරුනත් කෙලින්ම ටෙලිකොම් අනුබද්ධ අපිට කිසිදු ජංගම දුරකථන සබදතාවක් නොමෙලේ ලැබෙන්නේ නැත.එහෙත් ඇස් එම් ඇස් මගින් දැනුම් දීම් නම් සිදුවෙයි.

බිස්කට් කොම්පැණියක කලින් සිටි ප්‍රධාන මානව සම්පත් නිලධාරියෙකු දැනට සිටින ටෙලිකොම් ආයතනයේ සිටින අතර ඔහුට මේ දෑ පැහැදිලි කල යුතුව ඇත.

*බිස්කට් කොම්පැනියක නයිස් බිස්කට් උඩින් සීනි තවරන්නට ඕනෑම තැනකින් කොල්ලන් හොයාගන්නට පිලිවන් නමුත් මෙවන් ආයතනයක පුහුනු පලපුරුදු සේවකයින් සෙවීම අමාරුය.

*කොම්පැනීය බිස්කට් නොසෑදුවාය කියා මැනේජ්මන්ට් එකට අමාරු විය හැකිමුත් සාමාන්‍ය ජනතාවට ඒ බිස්කට් නැතිනම් වෙනත් බිස්කට් එකක් කා සිටිය හැක.නමුත් අප වැනි බැංකු,රෝහල්,අන්තරජාතික මධ්‍යස්ථානවලට දත්ත සපයන ආයතන දවසක් සෙමෙන් යෑම යනු එදින නොවුනත් පසුවට හෝ ආයතනික තත්වයට බාදාවකි.

*දිගින් දිගටම කිසිවක් නොලැබෙන තෘප්තිම්ත් නොමැති සේවකයින් විසින් බිස්කටි කොම්පැනියට සිදුකල හැකි ලොකුම හානිය මැසිමක් සිරකිරීම වන අතර..අප ආයතනයේ එක් ප්‍රකාශ සංදාම 2ක් කැපීමෙන් සිදුවන හානිය කෙතෙක්ද යන්න කෙනෙකුගෙන් අසා දැනගන්නා ලෙස ඉල්ලමි.

Wednesday, July 6, 2011

SLT Trade Union Actions

*සේවක වැටුප් හා දීමනා වල පවතින අධික විෂමතාවය

*ආයතනික සේවක උසස්වීම් ගැටලු

*දූෂන වංචා නැවතීමේ පියවර නොගැනීම

*ටෙලිකොම් හිම මෑන්පවර් ආයතනයක් හරහා දැනට අවුරුදු 3ක් තිස්සේ සේවකයින් බඳවාගෙන කරනු ලබන අසාධාරන සූරාකෑමේ ක්‍රමවේදය

*අයහපත් පරිපාලනය තුලින් ආයතන ය දිනෙන් දින අගාධයටම යෑම

මේ වැනි කාරනා කීපයක් මුල් කරගෙන ටෙලිකොම් වෘත්තීය සමිති කීපයක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එලඹෙන ලදී...මේතාක් මෑන්පවර් සේවකයින්ට තිබෙන විශාලම ගැටලු වන සේවක ස්ථාවරත්වය හා ලැබෙන අඩු වරප්‍රසාද,වැටුප් (13,500ක වැඩිම මූලික් වැටුප) මත කිසිවකුගේ පෞද්ගලික ආරාධනයෙකින් තොරවම මෑන්පවර් සේවකයෝද සතුටුදායක දායකත්වයක් ඒවෙත දක්වන ලදී..

දින දෙකක් කෑම පැය තුල පැවති උද්ඝෝෂන

සිකුරාදා (1) දින පැවත් වූ මූලස්ථාන වැඩ වර්ජනය

28 දින සිට පැවැත්වෙන අතිකාල වර්ජනය

ඊයේ (ජූලි 6) දැඩි මර්ධන හා බියගැන්වීම් අණකිරීම් මත පැවැත්වූ වැඩවර්ජනය හා උද්ඝෝෂනය

යන ක්‍රියාමාර්ග වලදී විශාල ප්‍රතිශතයක් මෑන්පවර් සේවකයින් විය...

...............................................................................................

දැනට කෙරෙන නව සබදතා ලබාදීම පිටත ආයතන සදහා කොන්තරත් ලබාදීම....

ගෙඩිපිටින් ව්‍යාපෘති පිට ආයතන වලට ලබාදීම...

විශාල ප්‍රමාණයේ මෘදුකාංග මානවසම්පත්,මූල්‍ය,තොරතුරු තාක්ශන,පරිපාලන ආදි ක්ශේත්‍ර වලට ඇතුලු කොට සේවකයින් කප්පාදු කල හැකි දැයි මැන බැලීම ...

ආදි දේ තුල ඉදිරියට ටෙලිකොම් සේවකයින් ගේ අනාගතය කෙතරම් සොදුරු වේදැයි අපට කීමට නොහැකි වනු ඇත..සොච්චමක් දී “දෙන්න පුලුවන් තරම තමයි දැන් ඉතින් යන්න කීවොත්“ එදාට ඒ ලැබෙන තුට්ටු දෙක නොලැබී යතැයි ද ලොක්කා මේ අවස්තාවේදි පවා අමනාප වීම අවාසි විය හැකි බැවින්ද ටෙලිකොම් බහුතර සේවකයෝ යතා පරිදි ම නිද්‍රාශීලි වනු ඇත...

එවන් දිනෙක උවත් නැතිවන්නට තරම් පඩියක්...දීමනා නැති මෙවන් රක්ශාවක් ගැන හීන මාලිග තැනීම පසෙක ලා,,, වෙන කරන්ට කිස්ත් නොමැති බැවින් මෑන්පවර් සේවකයින් ටෙලිකොම් සේවකයින් පසුපසම එනු ඇත..


ටෙලිකොම් පරිපාලනය විසින් මර්ධනය සදහා ක්‍රියාමාර්ග කීපයක් ගනු ලැබීය...

*සිකුරාදා වැඩ වර්ජනයට සහභාගී වුවන් ලයිස්තු ගත කිරීම..

*නිවේදන මගින් වැඩවැරුම නීතිවිරෝධි බව පැවසීම

*උසාවි නියෝගයක් හරහා ටෙලිකොම් ආයතන භූමිය තුල උද්ඝෝෂන පැවැත්වීම තහනම් කිරීම

*විශේෂ වැඩ පැවරීම් මීටින් කැදවීම පවත්වා සේවකයින් උද්ඝෝෂනයට සහබාගි වීම වැලැක් වීමට ක්‍රියා කිරීම

*නිලධාරින් ලවා සේවකයින් බිය වැද්දීමට ක්‍රියා කිරීම

*මෑන්පවර් සේවකයින්ට මේ සදහා ඇතුලත් වීමට නොහැකියැයි ප්‍රචාරය කිරීම..

මෙවන් දැඩි බිය වැද්දීම් හමුවේද දිනෙන් දින ආයතනය අගාධයට ගෙනයන මේ පරිපාලනයට එරෙහිව(පසුගිය වසර 5-6ක සිට ආයතනික ලාබයට කුමක් වීදැයි බලන්න) ගත් ක්‍රියාමාර්ග වලට පිරිසක් එකතු විය...

සාර්තක උද්ඝෝශන ව්‍යාපාරයක්ද පවත්වන ලදී...

එහෙත් එම පිරිස ටී ශර්ට් එකට කැප් එකට කුඩයට එල්ලේ ගහන්න යන,බොරුවට සෙල්ලම් කරන්න යන පිරිසට වඩා බෝ සෙයින් අඩු බව කිය යුතුයි...නිලධාරින් ලෙව කා ඉතිරි වන මස්කටු ටී ශර්ට් ලෙස, කැප් ලෙස, කුඩ ලෙස සේවකයින්ට විසිකරන විට කිසිදා දැක නැත් ඒවාට මෙන් මේ සේවකයෝ පොරකති..

එහෙත් මෙතෙක් කෑගසා ලබාගත් වැඩි වූ 500 වෙනුයෙන්වත් වූයේ ටෙලිකොම් සේවකයින් අතලොස්සකි...

අප ලබාගත් දේ

සමාන්තර ස්ථිර සේවකයින් මෙන් 2.5ක වැටුප් පරතරයක් සහිත (මූලික වැටුප) අප වැනි සේවකයින්,, ක්ලීනින් සර්විස් එකක, කැන්ටිමක වේටර කෙනෙකු මට්ටමට දමා කෙරෙන ගෙවීම් පටිපාටිය ගැන කිසිවක් හෝ කීමට රන්ජිත් රුබසිංහ මහතාට ඔහුගේ අදෝනා පත්‍රය ප්‍රමාණවත් නොවී ම.

සේවකයින්ට මාරුවීම් ලබාදීමට වෘත්තීය සටන් සදහා සහබාගි වීම සුදුසු කමක් වීම...

චක්‍ර ලේඛ ,ගිවිසුම්, ලියුම් මගින් කෙතෙක් දැන්වුවත් කිසිවක් ලබානොදී ටොපි හරහා මැන්පවර් සේවකයින් මුලා කල නොහැකි බව පරිපාලනයට ඒත්තු ගැන්වීම..

මෑන්පවර් හරහා කුනු කොල්ලයට සේවකයින් ගැනීමෙන් වෘත්තීය සටන් මර්ධනය වන බවට ඇති ප්‍රකට මතය පුස්සක් වීම..

අඩු වශයෙන් අපිත් ඉන්නවා හෝ කියා ගැනීමට අවැසි ප්‍රමාණවත් නියෝජනයක් ලබාගැනීම...මේ සටනෙන් මෙතෙක් ලැබූ අපිට අදාල ජයග්‍රහන වෙයි..

මහත්වරුන්ටත් කීමට යමක් ඇත...ලක්ස ගනන් ගෙන ඇස් කන් නොපෙනන උන්ලෙස සිටින ඔබ හා අප එකට සේවය කරන අය වන බැවින් අපගේ මල ද්‍රව්‍ය එකම තැනකට යනවා වන්නට පුලුවන..

එහෙත් ඔබත් අපත් ගත යුත් තේ එකම ආහාර බවත් ඒවාට එක්සකටිව්,මෑන්පවර් නන් එක්සකටිව් කියා මිල වෙනසක් නොමැති බවත් රුපියල් 13,500 හිගන වැටුප කෙසේ පවුලක ආහාර අවැසිතාවය වත් සපුරන්නේද යන බවත් මොහොතක් සිතන ලෙසයි...

ශ්‍රී ලංකා ටෙලිකොම් මෑන්පවර් සේවකයින්ට ජයවේවා...

මහින්දයා,,. පුත්‍රයා සහෝදරවරු සහ රජයද...මෙවන් විපත් චිත්‍රපට් මෙන් බලාසිටින විපක්ශයද...පුටුව මිස අවට නොබලන ටෙලිකොම් ඉංජිනේරු ගනකාධිකාරින්ටද හෙන වදින සේක්වා....

Saturday, April 9, 2011

New Year

අපි ට ාඅපිට

අද 11 අදනම් ගෙදර යන දවස ...හනේ මංද මේ සොච්චං පඩියෙන් මොනව කරන්නද කියල

අවුරුද්දට කියල මෑන්පවර් එකෙන් දීපු ඇඩ්වාන්ස් සල්ලි වලිං පහුගිය සතියෙ ගෙදර ගිය වෙලාවෙ ගෙදරට පුටු 6 කුයි මේස කෑල්ලකුයි ගත්ත. තියෙන ලී පුටු හොඳ මදි කියල තමයි මල්ලිගෙ අදහස උනේ “අක්කෙ මේ තමුසෙ හොඳ කොල්ලෙක් හොයල පැනල යනව ඕයි..ඔය හිඟන රස්සාවෙන් තමයි තමුසෙගෙ ජීවිතෙ නැතිකලේ...දැං බලනව අඩු තරමෙ ගෙදරට ප්ලාස්ටික් පුටු 6ක් ගන්නවත් තමුසෙට සල්ලි තියෙනවද? නෑ නෙ...“

තාත්තාද කොහේ හෝ ගොස් පැමිණි දිනෙක “මේ ලී පුටුවලට වැඩිය බොහොම සනීපයි නේ ප්ලාස්ටික් පුටු“ යැයි අම්මා සමඟ චැට් එකක් දමන අතරතුර පැවසුවාය.


මූලික වැටුප රුපියල් 9,500කි...කාර්යාල කාර්ය සහායක වැඩ කලත් තනතුරෙන් පාරිභෝගික සේවා නිලධාරිනියක වන මා හට ලැබෙන සියලු දීමනා එකතු කලත් රුපියල් 10,700 කට වඩා මුදලක් ලබාගත නොහැක. මන්ද මා වැඩකරන සේවා ස්ථානයේ වැඩ හරියට 5.00ට අවසාන වන නිසාවෙනි.ඉතිං සෙනසුරාදා ත් අපේ වැඩකරන දිනයක් වන බැවින් එදිනත් ලැබෙනුයේ බොහෝවිට අතිකාල පැය 2ක් වැනි ප්‍රමාණයකි..


අප මව් ආයතනය වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ලැබූ ශුද්ධ ලාභය මේ වසරේදී රුපියල් බිලියන 5.7කි. එහෙත් එම වාර්ථාගත යැයි කියන ලාභය ලාභ බෙදීමක් ලෙස සාමාන්‍ය කොටස් හිමියන්ට තවම ලැබී නොමැත..එසේම ලාභ ලැබුවාය කියා ටෙලිකොම් ආයතනයේ ඇමතුම් හා දත්ත සේවා සඳහා වන ගාස්තු අනෙත් ජංගම දුරකථන සේවා සපයන ආයතනවල ගාස්තු තරම් අඩු වී නොමැත..එනම් තේරෙන භාෂාවෙන් කිවහොත් එම ලාබයෙන්,, මිලියන ගනනක් වන අහිංසක දුප්පත් ටෙලිකොම් පාරිභෝගිකයින්ට රාජ්‍ය විදුලි සංදේශ සැපයුම්කරු ලෙස කරඇති විශේෂ දෙයක් නොමැත..අපි සරල උදාහරණයක් ලෙස ගතහොත් නව අඩුකල ගාස්තු අනුව අමතර මෙගාබයිට් 10ක් සඳහා වන ගාස්තු ටෙලිකොම්හි රු 3.00ක් වන විට අප සහෝදර මොබිටෙල් හි එය රු 2.00 කි.


මේ අවුරුද්ද මුලදීත් දැන් සිංහල අවුරුදු සමය වන මේ කාලයේත් අපහට කිසිදු බෝනස් දීමනාවක් දීමට පරිපාලනය අසමත් වී ඇත..කෙනෙක් කියන හෝ සිතන ආකාරයට අපි වෙනත් ආයතනයකින් කුලියට ගත් ක්ලීනින් සර්විස් හෝ සිකුරිටි මට්ටමේ අයවලුන් වන බැවින් මව් ආයතනය ලාබ ලැබුවාට එහි වන මෑන්පවර් සේවකයින් වන අපිට ලාභ ලැබීමේ හිමිකමක් නැත..සිකුරිටි අයගේ සේවය ගේට්ටුව අසලදීත් ක්ලීනින් අයගේ සේවය කුනුබාල්දිය ළගිනුත් අවසන් වන නමුත් අපගේ සේවය අඬු විහිදු දැවැන්ත කකුලුවෙකු මෙන් ටෙලිකොම් ආයතනය පුරා පැතිර ගොස් ඇත..සංකල්පීයව සහ නීතියට අනුව මෑන්පවර් ෙස්වකයින් සියලු සේවකයින් එකවර ටෙලිකොම් ආයතනයෙන් ඉවත්කල හැකිමුත් ප්‍රායෝගිකව එය කල නොහැක්කේ තනතුරු කිහිපයක් යටතේ විශාල සේවක පිරිසක් මෑන්පවර් අංශයෙන් ටෙලිකොම් ආයතනය වෙනුවෙන් සේවය කරන නිසාය...සරල උදාහරණයක් ලෙස රියදුරු මහතෙකු ගමු..ඔහු ඉවත්කර වෙනත් සේවකයකු පිට්න් ගතහොත් අඩුතරමේ කොලඹ වටේ වු ටෙලිකොම් ශාඛා සොයාගන්නටත් ඔහුට කලක් ගතවෙන අතර කලින් සිටි රියදුරු කල කාරියාලීය කටයුතු සියල්ල ඉගෙනීමට ඔහුට කෂණිකව හැකිවේද යන්න ගැටලුවකි...එක් කලෙක මේ අපේම ආයතනය වන බැවින් රියදුරන් කාර්මික හා කාරියාලීය කටයුතු වලට සහභාගී විය යුතු බවත් එය අපගේ වගකීම බවත් අප පරිපාලනය ප්‍රකාශ කල අතර දැන් අප බෝනස් ඉල්ලන විට ඔවුන් අප සලකනුයේ අල්ලපු ගෙදර එකාට දාව ඉපදුන පැටියෙකුට සලකන ආකාරයෙනි..


ටෙලිකොම් ආයතනයේ සියලු අංශද අප මෙන් අනුබද්ධ්ත ආයතනද සියල්ල එකවර එකම ප්‍රමාණයෙන්

ලාභ ලබන්නේ නැත. එහෙත් ඔවුන් සියල්ලන්ටම එකම ප්‍රමාණයේ ප්‍රසාද දීමනා නැති උවත් කිසියම් හෝ ප්‍රසාද දීමනාවක් ලැබේ...එහෙත් අපට??

මා අයිති වන්නේ තාරුණ්‍යයට හෙටක් හරහා ටෙලිකොම් අනුයුක්ත වූ කන්ඩායමටයි ..බොහෝ අය සිතන ලෙස අප කිසිදු සුදුසුකමක් නැතිව අහසින් පාත් වූ පිරිසක් නොවෙමු..අප බොහෝ දෙනා උසස් පෙළ සමතුන් වන අතර ඉන් ඉහල සුදුසුකම් ඇත් තා වූ බොහෝ දෙනෙකු සිටී..කෙසේ උවත් චතුර ලෙස ඉංග්‍රිසි කථාකිරීමේ කුශලතාව හැර ටෙලිකොම් ආයතනයේ වන පාරිභෝගික සේවා නිලධාරින් සතුවන බොහෝ සුදුසුකම් අපවෙත පවතී..

මින් පෙර මෑන්පවර් වේතන එකතු කරන ලද 2008 දෙසැම්බර මසට පසුව අපේ වැටුප වන රුපියල් 9,500 ට වැඩි වී ඇත්තේ රු 500ක ප්‍රමාණයක් පමණි...මෙහිදී වැටුප් වැඩි වනුයේ සාමාන්‍ය යෙන් මූලික වැටුප සලකා වන බැවින් 5%වැටුප් වැඩි වනුයේ රුපියල් 500කටත් අඩු ප්‍රමාණයකි...බස් ගාස්තු,අල,පරිප්පු,සීනි,කැරට් බෝංච් වල මිල වැඩි වන්නේ අපිට එක ගානකිනුත් ටෙලිකොම් මහත්තුරුන්ට තවත් වැඩි වූ

ගනනකිනුත් නම් අපේ පඩි මූලික වැටුපට සාපේක්ශව වැඩි උනාට කිසි ගැටලුවක් නැත..එහෙත් බෝඩිමට 3500යි බස් එකට 700යි..ඇදුම් සපත්තුවලට 1500යි කෑමට දිනකට රුපියල් 150 .ක් උවත් මසකට වියදම් වන 4500ක කෑම වියදම ගිය පසු ඉතිරිවන මුදලින් අපි කෙදිනක නම් මේ 9,500න්

අනාගතය ගැන අනාත නොවු සිහින දකින්නේදැයි ඔබෙන් අසමු..


එම් අයි ඩීන් නැමැති පතෝල මහතා සේවයෙන් පහකල පසුව එක් විනාඩි 10ක් ඉතා සුලු පිරිසක් එලියට වන් කල ඔහුට සේවය ලැබුන ආකාරය මා ඇස් දෙකෙන් දිටිමි....මෙතරම් අමාරුවෙන් මිතුරකුගේ මංගල උත්සවයකටවත් යා ගත නොහැකි මට්ටමක වැටුප් ලබන අප වෙනුයෙන් ඔබලා එවැනි දේ නොකරනු ඇත..මන්ද ඔබ සියල්ලෝ මහෞෂධ පන්ඩිතයින් සඳුන් හරක් ගෙන ඉපදුනාක් මෙන් ඉංජිනේරු උපාධිය අතින් ගෙන ඉපදී ඇති බැවිනි..ඔබට ඉගැන්වීමට රජය වියදම් කල මුදල ඔබේ පරම්පරාව රජයට උපයා සපයා දී ඇති බැවිනි..

බෝනස් සඳහා ටෙලිකොම් සේවකයින් තරඟ කල පසුගිය වසරේ අවසන් කාර්තුවේ බොහෝ ටෙලිකොම් වෘත්තීය සමිති අපි වෙනුයෙන් කතා කල අයුරු ඔබට මතක ඇති..එහෙත් ඔවුන් විසින් අපගේ කියා දෙයක් වැඩි කල යුතු බවට පැහැදිලි අදහසක් නොතිබිනි..කන්ඩායම් කීපයටම උවමනා වූයේ යම්කිසි වැඩවර්ජන වැනි අවස්ථාවකදී අපද ඒ වෙනුයෙන් සම්බන්ධ කර ගැනීම පමණි..ඔවුන් විසින් අපි දිනා දුන්නා යයි උදම් අනන දීමනාව පවා බහුතර පුහුනුවන(ට්‍රේනී)

සේවකයින්ට නොලැබුනි..එහෙත් ටෙලිකොම් ආයතනයේ නම් කොන්තරත් පදනම මත ගන්නාලද සියලු සේවකයින්ට බෝනස් ලැබුණි...


දැනට ටෙලිකොම් මෑන්පවර් හරහා වන සේවකයින් බොහෝදෙනෙක් සුදුසුකම් ලබා තිබුනත් ඔවුනට උසස් වීමක් හෝ හැකි පරිදි ටෙලිකොම් ආයතනයට ඇතුලත් කරගැනීමක් නැත..සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් සම්පුරන සහතිකය ලැබු බොහෝදෙනෙක් ට්‍රෙනි ටෙක්නිකල් ඔපිසර හෝ ටෙක්නිකල් ඇසිස්ටන්ට් ලෙස මෑන්පවර් හරහාසේවය කරද්දී අද ඊයේ ටෙලිකොම් ට්‍රෙනින් සෙන්ටර් වල වු මුහුනු ටෙලිකොම් ටෙක්නිකල් ඔපිසර ටෙලිකොම් හැදුනුම්පත් සහිතව මා ඇස ගැටී ඇත.මෙය ටෙක්නිකල් පමණත් නොව ඔඩිට්,එකවුන්ට්.ඇඩ්මින් ආදී බොහෝ අංශවලට පොදු ලක්ශනයක් වෙයි.


මෙතරම් අමාරු වටපිටාවක සිටත් මෙහි රැඳී ඉන්නේ මන්දැයි ඔබට ගැටලුවක් පැනනඟිනු ඇත..මා පහුගිය මැතිවරනයේදී නාමල් මහතා වෙනුයෙන් වැඩකල කෙනෙකි..මේ මෑන්පවර් එක අප ගන්නා විට කීවේ මාස 6 ක පරිවාස කාලයකින් පසුව වැටුප වැඩි වන බවය..එහෙත් මාස 9ක් ගතවී ඇතත් වැඩි වැටුප් කියන දරුවා බිහිවන පාටක් නැත...මා මෙන් මෙවැනි ලොකු ජොබ් නොසෙවු මගේ මිතුරියන් බොහෝ දෙනෙක් දැනටම කටුනායක කොග්ගල සහ හමහරෙක් ගමේම ගාමන්ට එකට ගොස් මසකට රු 20,000ට නොඅඩු වැටුප් ලබා ලස්සන පවුල් ජිවිත ගත කරති..මටද එසේ යා හැක එහෙත් දෙමාපියන් අමාරුවෙන් මහ පොලොව සමඟ ඔට්ටු වී ලබාදුන් මුදලින්බයෝ වලින් සී 3 කින් සමත් වීඇති මා එවැනි රැකියාවක් කිරීම මගේ දෙමාපියන් නම් කිසිවිට අනුමත් නොකරනු ඇත..


මා මේ ලිපියෙන් ඔබේ අනුකම්පාව ඉල්ලනවා නොවේ...නවදාස් පන්සීයකින් මා හට තනිවම ජීවත් වීමට මෙසේ අමාරුනම්...14,500 කින් රියදුරෙක්,තාක්ශනික සේවකයෙක් කෙසේ තම දරු දෙදෙනෙකුගෙන් යුතු පවුල ගෙනයයිද???


මහත්වරුණි අනුකම්පාවට පව් නිසා නොව ඔබ සමඟ උරෙනුර ගැටී වැඩකරන මේ ඔබේ සහෝදර සේවකයා නිසා හෝ ඔහු ගේ දුක වෙනුයෙන් පෙනී සිටින්න...

අප සියලු මෑන්පවර් සේවකයින්ට 18,500කවත් මූලික වැටුපක් වෙනුවෙන් පෙනී සිටින්න..




Saturday, February 5, 2011

හදන්න බැරි ස්පීඩ් එකකින් කැඩෙන CDMA

සිටිලින්ක් ෆෝන් වල නව ෆෝන් නිසි කලට නොලැබීම නිසාත් උපාංග වල හිඟ බව නිසාත් ෆෝන් අලුත් වැඩියා කරන්නන් දැඩි අපහසුතාවයකට ලක්වන බව වාර්තා වෙයි..මේ ගෙන්වන බොහෝ සී ඩී එම් ඒ ෆෝන් බාල තත්වයේ ඒ වා වීම නිසා ඉතා ඉක්මනින් බිඳ වැටීම් වලට ලක්වන බව සේවකයෝ පවසති..බොහෝ විට බැටරිය බැසීම් ආදී වන සුලු නඩත්තු කටයුතු වලට පවා අවැසි බැටරි නොලැබෙන බව බොහෝ පැතිවල සේවය කරන සී ඩී එම් ඒ සේවකයෝ පවසති..බැටරි ඩිස්ප්ලේ සහ අනෙකුත් උපාංග හොඳ තත්වයේ ඒ වා ලබා දෙන්නේ නම් අඛන්ඩව සේවා ලබාදිය හැකිබව අප සී ඩී එම් ඒ සහෘදයින්ගේ අදහසයි..
තවද නව බැටරි යැයි ආයතනයෙන් ලබාදෙන බැටරි පරන බැටරි වලටම අලුත් කවර දැමූ අවස්ථාද වන බව සේවකයෝ පවසති..

සාමාන්‍යාධිකාරීවරුන්ගේ වැරදි වලට පව් නැත

M.අයි ඩීන් මහතා යනු දැන් සාමාන්‍ය අධිකාරී වරයෙකි..ඔහු කලින් කරනු ලැබූ වරදක් නිසා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තුමා විසින් ඩීන් ව වහාම ක්‍රියාත්මක වන පරිදි ආයතනයෙන් නෙරපා හරින ලදී..පසුව ටෙලිකොම් ඉන්ජිනේරු සංගමය මැදිහත් වී ඔහුව නැවත සේවයට බඳවාගන්නා ලදී....අපට ඇති ප්‍රශ්න
*එක් දිනෙක විධිමත් පරීක්ශනයකින් වරදකරු වූ අයෙකු නැවත සේවයේ පිහිට වූයේ ඔහු විසින් කරන ලද මිලියන සිය ගනනක පාඩුව අතුරුදන් වූ නිසාද??
*දැනට ඔහු විශේෂ ව්‍යාපෘති සඳහා සාමාන්‍ය අධිකාරී වෙයි..වරක් ලක්ශ දහස් ගනනක් පාඩු කල අයෙක්ට නැවත නව තනතුරු දෙන්නේ ඇයි??
*ඔහුගෙන් සේවයක් බලාපොරොත්තු වන්නේ නම් ඔහුට අදාල වන එකදු ඉන්ජිනේරුවෙකු හෝ කිසිදු තාක්ශනික සේවකයෙකු නැත්තේ ඇයි...
*මිලියන ගනනක අයි පී ටී වී මගඩියට වගකිව යුත්තේ ව්‍යාපෘති කලමනාකරුවා නොවෙයි නම් වෙන කිනම් පුද්ගලයෙක්ද???

Monday, January 17, 2011

sri lanka telecom calanders

නව වසර සඳහා ටෙලිකොම් ආයතනයෙන් ලබාදෙනු ලබන කැලැන්ඩර සහ දිනපොත් මෑන්පවර් සේවකයින් සඳහාද ලබාදීමට මෑන්පවර් ආයතනය කටයුතු කර ඇත..පසුගිය වසරේ මෙන් කලින් පැමිණි අයට පමනක් ලබා නොදී සියලු සේවකයිනට මෙම කැලැන්ඩර ලබාදෙනු ඇතැයි අපි සිතමු...අද දින වනවිටත් සමහර ප්‍රදේශවල මෑන්පවර් සේවකයිනට මෙම කැලැන්ඩර සහ දිනපොත් ලැබී නොමැත...කැලැන්ඩර හා දිනපොත් පමාවීමටනම් කෙලින්ම ඒ සඳහා වගකිව යුතු වන්නේ ඊට අදාල අංශය වෙයි..මුල්ම කැලැන්ඩර තොගය ප්‍රධාන නිලධාරීන්ට පවා බෙදාහරිනු ලැබුවේ දෙසැම්බර මස 28-29 යන දිනවලදීය..බොහෝ ටෙලිකොම් සේවකයින්ටද දින දර්ශන දිනපොත්..කාඩ් ලැබුනේ වසර උදාවී සතියක් හමාරක් ඉක්ම ගිය පසුව වෙයි..

අප ආයතනය රටේ සෑම තැනකටම සේවා සැපයිය හැකි විශාල විභවයක් සහිත ආයතනයකි..අපේ වෙළඳ නාමය ප්‍රචලිත කිරීමට මෙම සුභපැතුම්පත්,දින දර්ශන,දිනපොත් යොදාගත හැක..ඉතින් නොමිලයේ අප ආයතනය සහ නාමය ජනප්‍රිය කලහැකිව තිබීයදීත් අපගේ මිතුරෙකුටවත් කාඩ්පතක් යැවීමට අප ආයතනයේ කාඩ්පත් අපහට නොලැබෙයි..අපි අපිට නොලැබෙන දේ ගැනම කියා අඬනවා නොවේ..එහෙත් ඈත ගම් දනව් සිසාර නගරයේ පැල්පත දක්වා යා යුතු අපගේ "ආයතනික නාමය" ජනප්‍රිය කිරීමට අපට මීටවඩා අවකාශ දෙන්නේ නම් හොඳ බව අප සිතමු..

කාල රාමුවකට අනුව නිවැරදි වේලාවට සියලු කටයුතු සිදු කිරීමේ හැකියාවක්ටෙලිකොම් සමාගමට තිබුනි නම් අවම වශයෙන් දිනපොත්,දින දර්ශන හා සුභපැතුම්පත් අප සේවා දායකයින්ට නව අවුරුදු උදාවේදීම දිය හැකි විය යුතුය..එහෙත් මේ තුනෙන් එකක්වත් සමහර ටෙලිකොම් විධායක සහකාර වරුන්ට පවා පලමුවෙනිදා වනවිට ලැබී තිබුනේ නැත..එක් දෙයකට ප්‍රමාද දෝශ සිදු විය හැක..එහෙත් 3ටම...සමහරවිට මෙවැනි ක්‍රියා ඉතා සුලු දේවල් වීමට පුලුවන..එහෙත් විශාල වගකීම් වලට විශාල වරප්‍රසාද සහිතව සිටින ටෙලිකොම් නිලධාරින් මේවා ගැන නැවත සිතීම වටී...සංදර්ශන වලින්ම ආයතන පවත්වා ගත නොහැක..එය අපි වැනි උගත් කමින් අඩු සේවකයින්ට හිතෙන හැටි වෙයි...

Thursday, January 6, 2011

රොඩ්ඩ අස්කල හැටි..(Rodney's Leaving)

අඩෝ මේ රොඩ්නි උඹව නිසල් මහත්තය අස්කලාද?/ නැත්නම් උඹ අස් වුනාද??

කැන්ටිමට ආ රොඩ්නිගෙන් සගයෙක් ප්‍රශ්න කරයි..

එක හරි දි ග කතාවක්...

උඹලට මතකද මෑන්පවර් එකේ කලින් දීපු 6000හෙ පඩියයි...4000හෙ එලවන්ස් එකයි එකතු කොරල මුලු පඩිය 10,000 කරපු කාලෙ..

ඔන්න ඔය කාලෙ තමා මම නිසල ලඟ වැඩ කලේ..ඒ වෙනකොට එතෙන්ට ඇවිත් මාසයක් විතර..

ඉති න් ඔය වැඩිඋන දවසෙ නිස ල වාහනේට නඟින ගමන් අහනව..හා රොඩ්නි ඔයාලගෙ පඩි වැඩි උනාලු නේද...දැන් ඉතින් 10ක් විතර හම්බ වෙනවනෙ...ඔය මැදෑ...නේද ??/

උඹලට මතකනේ ඕක උනේ දැනට අවුරුදු 2කට විතර කලින්නේ...ඉතින් ඒකාලෙත් මහා ලොකු ගානක් නෙමෙයි රුපියල් 10 දාහ...

මට මූ ගැන මල..මම ඒත් මුකුත් කියන්නෙ නැතුව හුම් කියල නිකම් හිටිය...

පොර ගියා කඩේකට..ගත්තෙ පරිප්පු 200යි ලූනු 250යි අල 500යි..එතකොට අල ලාභයි මගෙ හිතේ...

මම එතකොට වාහෙන හිටියෙ..මිනිහ නිකම් බිස්කට් එකක් ගන්න වාගෙ කාර් එකෙන් බැහැල..ගිහින් අරපොඩි කඩෙන් බඩු ගත්ත..නිසලගෙ ගෙවල් තියෙන්නෙ කැස්බෑවෙනෙ...කැස්බෑවට ගොඩක් මෙහා තැනකින් තමා පොර බඩු ගත්තෙ...මොකද ඕයි,,,

ගෙවල් පැත්තෙන් ගත්තොත් නෝන්ඩිනේ...බඩු ටික අරන් ආව මිනිහ වාහනේට..මමත් කාර් එකේ හිටිය ට කන දාගෙන තමා හිටියෙ..

ඉතින් ආපු ගමන් ඇහුව මහත්තය අල ලාභයි නේද කියල...ඌනු නම් ගනන් මගෙ හිතේ කියලත් කිව්ව මම..

නිසලට තේරුනා මම එයා ගතපු බඩු ටික අහගෙන හිටිය කියල..එතකොටත් ඕයි ඌට ලක්සෙට වඩා පඩි..ඉතින් පොරට නෝන්ඩියි,,

පස්සෙ මම කිව්ව මහත්තයල ඔච්චර අරගෙනත් බඩු ගන්නෙ ඔහොම අපි ඉතින් මේකෙන් මොනව කරන්නද කියල....

ඊට පස්සෙ නිසල කිව්ව ඔය ඊළඟට තියෙන පෙරේර ඇන්ඩ් සන්ස් එක ළඟින් පොඩ්ඩක් නවත්තන්න කියල...

මමත් නැවැත්තුව..ඒ පාර මිනිහ ඒකෙ ඇතුලට ගිහින් මට මාලුපාන් එකකුයි සොසේජස් බන් එකකුයි ගෙනාව..

තව පාර්සලේක අර ලොකු සයිස් බනිස් ගෙඩියක් දමල ගෙනත් දුන්න ලමයින්ට ගිහින් දෙන්න කියල...

ඔන්න තව දවසක් ගියා අර කොටුවෙ තියෙන ලෝක වෙලඳ මධ්‍යස්ථානෙ ට නිසලත් එක්ක ගියා එදා හරි කලබලයක් තිබුනෙ එයාට..

මට කිව්ව වාහනෙටම වෙලා ඉන්න මම ටක් ගාල එනව.තව ටිකකින් මම වැලිකඩ ඉන්න ඕනි.කියල..ඉතින් අර ඕකෙ තියෙන දාර පාක් එකේ වාහනෙ ගහන් මම හිටිය විනාඩි 20ක් විතර මෙයාගෙන් මිස් එකක් එනකල්..ම්හු නෝ කෝල්..ඔය මධ්‍යස්තානෙත් යන්නෙ එන්නෙ මහ විසාල කෑලි නෙ..ඉතින් මම වාහනෙ ලොක් කරල කෑල්ලක් කාරිය බලාගන්න කියල ආව..ඇවිත් ඉතින් ඕකෙ පඩිපෙලවල් තියෙනව..නිකම්ම යන්න...නිකම් යන එකනෙ ඉතින් මම තට්ටු තුන හතරක් නැඟල ටිකක් විස්තර කාරිය බැලුව මේක කොහොමද කිය්ල...හැමදේම ඉන්ගිරිසි..හැමතැනම බාගෙට ඇඳගෙන..ඉතින් ඔහොම තට්ටු හතරක් පහක් නැග්ගයි කියමුකො..මෙන්න කෝල් එක එනව

නිසල බොසා ගෙන්...රොඩ්නි කොහෙද ඉක්මනට එනව දැනටමත් ලේට්...එතකොට මිනිහ කාර් එක ළඟ...

යකෝ කාර් එකට යනවනම් කෝල් එකක් දීල පල...එහෙමත් නෑ..හරි සර් සුටුස් ගාල එනව කියල හොයල හොයල නැග්ග ලිෆ්ට් එකට ..හුටා ඒක උඩට යන එකක් ...ඉතින් ලිෆ්ට් එකේ හිටපු පොරගෙන් අහන් පහලට බැහැල වාහනෙට එනකොට නාට්ටියෙ විනාඩි 5ක් විතර ගිහින්..පොරට ඕසෙට තදවෙලා...ත තමුසෙ රවුං ගහනව මම මෙතන පිච්චෙනව..කොහොමද ඕයි තව විනාඩි 15කින් වැලිකඩට යන්නෙ...

හරි සර් විනාඩි 14න් වැලිකඩ..හැරෙව්ව වාහනෙ...දැම්ම අර ලේක් හවුසිය ඉස්සරහින් මරදානට..දමල හිරගෙදර ඉස්සරහට වැටෙන පාරෙන්..විනාඩි 15 යනකොට වැලිකඩ..ගිය වේගෙට මිනිහ අත් දෙකෙන්ම අර අල්ලන්න තියෙන හැඬල් එක අල්ලගෙන...ටිකක් වාහනේ කපල ඕවටේක් එකක් දානකොට මිනිහ ඇස්දෙක පියා ගන්නව...මමත් ඉතින් දන් නැද්ද බන් බස් වල ටර්න් එකට කොටන්නයි විදින්නයි ඉගෙනගත්තෙ..ඔය නිසල බොසා ල කැමපස්වල හිටපු කාලෙ...


බහිනකොට මිනිහ කියනව..තමුසෙනම් මගේ ෆ්‍රෙශර් එක එක්ක සෙල්ලම් කරනව ඕයි..මේ බලනව මාව ගැහෙන්නත් වාගෙ...


තව දවසක් දෙකක් ගියාම මොකක් හරි බෝම්බ කේස් එකක් නිසා හැමතැනම චෙක් පොයින්ට්...පොරත් එක්ක මම යනව...එකපාර ස්ටොප් බෝඩ් එකක් වැටුන..ඉතින් මගේ ඉස්සරහින් ගිය වාහනේ නැවැත්තුව...මම ඉතින් ටෙලිකොම් බෝඩ් එක තියෙන නිසයි අනික කලින් එක නැවැත්තුව නිසයි..මම ආව ගානක් නැතිව...

නිසලය කුලප්පු වෙලා කියනව..නවත්තනව ඕයි වාහනේ..දැක්කෙ නැද්ද තමුසෙ බෝඩ් එක කියල කිව්ව..එතකොට මිනිහ හිටියෙ ඉස්සරහ සීට් එකේ...


නවත්තනව ඕයි වෙඩිතියයි දැන් මිනිහ වෙවුල වෙවුල කෑ ගහනව...

මම කිව්ව,, සර් හමුදාව වෙඩිතිව්වොත් සර්ගෙ පැත්තට,, කලින් වැදෙන්නෙ මට නෙමෙයි නේ...

ඊට පස්සෙ මිනිහ ඔෆිස් එකට ඇවිත් බහිනකොට කිව්ව..

තමුසෙ හිටියොත් මගේ ෆ්‍රෙශර් කටු පනිනව...තමුසෙ ලබන මාසෙ වෙන තැනක..පස්සෙ වෙන ඩ්‍රයිවර කෙනෙක් අරන් මම මේ දැන් ඉන්න ගෑනි ළඟට දැම්ම...


ඒ මාසෙ ඇතුලෙම...