Tuesday, October 4, 2011

අහසේ තැනූ ස්කයි නෙට්වර්ක්...

1.රජය විසින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නංගීගේ පුතාට වයි මැක්ස් සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම හරහා අවසර පතක් නිකුත් කරයි..
2.ඉන්පසු මිලියන සිය ගනනක් වියදම් කොට ටෙලිකොම් ආයතනය විසින් එම වයි මැක්ස් සඳහා වන අවසරය මිලදී ගනී..
3.වසර ගනනක් තැටමීමෙන් පසු සහ මාස්පතා 1 හි සඳහන් අයිතිකරුට මිලියන ගනනින් ගෙවමින් සිට ස්කයි නෙට්වර්ක් සිය සේවා පාරිභෝගිකයින්ට සපයයි..
4.වැරදි සහ බාල තත්වයේ උපකරණ ගෙන ඒම නිසා ස්කයි නෙට්වර්ක් ආයතනයට සිට සේවා විකුනා ගත නොහැකි වෙයි..
5. මුල සිට අග දක්වා වූ අංක 1 හි සඳහන් පුද්ගලයාගේ සහ නිලධාරින්ගේ ක්‍රියාකලාපය හේතුවෙන්,, මිලියන සිය ගනනක් මුදල් දී රැගෙන විත් ඇති උපකරන වැඩ කරන්නේ නැති උවත් ඒ සඳහා වෙන සියලු මුදල් ගෙවාදමනු ලබන්නේ ටෙලිකොම් ආයතනය මගිනි..
6.දැනට විස්සකටත් අඩු සේවක ප්‍රමාණයක් සහිතව සියයක්වත් නැති පාරිබෝගියකයන් පිරිසක් පිරිවරා ටෙලිකොම් ආයතනය පසුපස එල්ලී මැරුන වවුලෙකු ලෙස තවමත් ස්කයි නෙට් පවතී.
නිසියාකාර පරීක්ෂණයකින් තොරව මිලදී ගෙන සහ එහෙත් දැනට මිලදී ගෙැන ඇති නොගැලපෙන උපාංග රැසක් දිරාපත් වෙද්දී සහ...
ඒ වෙනුවෙන් ගෙවන ලද මුදල් විශාල ප්‍රමාණයක් අපතේ යද්දී..
තවමත් ඒ සම්බන්ධ වැරදිකරුවන් නොමැත..ඉදිරියටත් නොමැති වෙනු ඇත...
එකම රටක් එකම හඬක් මෙහෙම කෑමක්....























2 comments:

  1. අපොයි කියල හිතෙනව...

    ආයි මගේ ඡන්දෙයක් මහින්දටවත් සනුහරේ එකෙකුටවත් දෙන්නෑ (රනිලුත් උගෙ සනුහරේමනෙ) සිහල උරුමෙන් ආවොත් විතරයි දෙන්නෙ.

    ReplyDelete
  2. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete