Saturday, February 5, 2011

හදන්න බැරි ස්පීඩ් එකකින් කැඩෙන CDMA

සිටිලින්ක් ෆෝන් වල නව ෆෝන් නිසි කලට නොලැබීම නිසාත් උපාංග වල හිඟ බව නිසාත් ෆෝන් අලුත් වැඩියා කරන්නන් දැඩි අපහසුතාවයකට ලක්වන බව වාර්තා වෙයි..මේ ගෙන්වන බොහෝ සී ඩී එම් ඒ ෆෝන් බාල තත්වයේ ඒ වා වීම නිසා ඉතා ඉක්මනින් බිඳ වැටීම් වලට ලක්වන බව සේවකයෝ පවසති..බොහෝ විට බැටරිය බැසීම් ආදී වන සුලු නඩත්තු කටයුතු වලට පවා අවැසි බැටරි නොලැබෙන බව බොහෝ පැතිවල සේවය කරන සී ඩී එම් ඒ සේවකයෝ පවසති..බැටරි ඩිස්ප්ලේ සහ අනෙකුත් උපාංග හොඳ තත්වයේ ඒ වා ලබා දෙන්නේ නම් අඛන්ඩව සේවා ලබාදිය හැකිබව අප සී ඩී එම් ඒ සහෘදයින්ගේ අදහසයි..
තවද නව බැටරි යැයි ආයතනයෙන් ලබාදෙන බැටරි පරන බැටරි වලටම අලුත් කවර දැමූ අවස්ථාද වන බව සේවකයෝ පවසති..

සාමාන්‍යාධිකාරීවරුන්ගේ වැරදි වලට පව් නැත

M.අයි ඩීන් මහතා යනු දැන් සාමාන්‍ය අධිකාරී වරයෙකි..ඔහු කලින් කරනු ලැබූ වරදක් නිසා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තුමා විසින් ඩීන් ව වහාම ක්‍රියාත්මක වන පරිදි ආයතනයෙන් නෙරපා හරින ලදී..පසුව ටෙලිකොම් ඉන්ජිනේරු සංගමය මැදිහත් වී ඔහුව නැවත සේවයට බඳවාගන්නා ලදී....අපට ඇති ප්‍රශ්න
*එක් දිනෙක විධිමත් පරීක්ශනයකින් වරදකරු වූ අයෙකු නැවත සේවයේ පිහිට වූයේ ඔහු විසින් කරන ලද මිලියන සිය ගනනක පාඩුව අතුරුදන් වූ නිසාද??
*දැනට ඔහු විශේෂ ව්‍යාපෘති සඳහා සාමාන්‍ය අධිකාරී වෙයි..වරක් ලක්ශ දහස් ගනනක් පාඩු කල අයෙක්ට නැවත නව තනතුරු දෙන්නේ ඇයි??
*ඔහුගෙන් සේවයක් බලාපොරොත්තු වන්නේ නම් ඔහුට අදාල වන එකදු ඉන්ජිනේරුවෙකු හෝ කිසිදු තාක්ශනික සේවකයෙකු නැත්තේ ඇයි...
*මිලියන ගනනක අයි පී ටී වී මගඩියට වගකිව යුත්තේ ව්‍යාපෘති කලමනාකරුවා නොවෙයි නම් වෙන කිනම් පුද්ගලයෙක්ද???