Wednesday, August 25, 2010

නිල ඇඳුම

නිල ඇඳුම ලෙස නිකම් ලැබෙන මෙලොව් රහක් නොමැති කුරුල්ලා සහිත නිල් කමීසය මිලදී ගත හැකි බව අපට දන්වනු ලැබ තිබේ....

*ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රමිතිවලට අනුකූලව වැඩ කිරීම සඳහා අපි නිල ඇඳුම් මිලදී ගෙන ඇඳිය යුතුද????

*අප හා සමාන්තර සේවකයින් හට මුලු ඇඳුමම ලැබෙන්නේ අප ඇන්දීම සුදුසු කමීස පමනක්ද????

*සිටින 1000ක් වැනි මෑන්පවර් සේවකයින්ට නියම තත්වයේ වැඩකට ඇඳිය හැකි මට්ටමේ කමීසයක් දීමට නොහැකි තරම් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය බන්කොලොත් වී ඇතිද???

ඔබ මෑන්පවර් සේවකයෙක් වෙයි නම් ඔබ විසින් මෙම මහඟු අවස්තාව ඔබේ කම්කරු සේවයේ,,මඩගොවිතැනේ,,පිරිසිදු කිරීමේ,,සහ යාචක රැකියාවෙ යෙදෙන අයට කමීස මිලදී ගැනීම සඳහා මිස
මුදල් දී ආයතන නාමයක් එල්ලාගෙන යාමට භාවිත නොකරන මෙන් ඉල්ලා සිටිමු....

Sunday, August 8, 2010

ඩෝසර බෙදීම

ශ්‍රී ලංකා ටෙලිකොම් මූලස්තාන ශාඛාවේ හරි අපූරු උත්සවයක් පසුගිය දිනෙක පැවැත්විනි...එනම් උතුරු වසන්තය වැඩසටහනේ ටෙලිකොම් වැඩසටහන් සඳහා ඩෝසර් රථයක් පරිත්‍යාග කිරීමේ උත්සවයය්..ප්‍රධාන විධායක නිලධාරී මහතාගේ සුරතින් ඒ හා සම්බන්ධ මහත්වරුන් කීප දෙනෙකුගේ මැදිහත්වීමෙන් ඩෝසර රථය පනගැන්වෙන ලදී....
අපට ඇති ප්‍රශ්ණ අංක වශයෙන් දක්වමු...

1. උතුරු වසන්තය ව්‍යාපෘති අවසන් අදියර වල පවතිනවිට ඩෝසරයක් මිලදී ගන්නේ ඇයි....

2. නඩත්තු කටයුතු කේබල ඇදීමේ සිට නව සබඳතා පවා දීගත නොහැකි මට්ටමට භෞතික හා මානව සම්පත් හිඟතාවයක් පවතිනවිට ඩෝසරයක් දීමෙන් පමණක් වැඩ කල හැකිද????

3. කොම්ටෙක්(comtec system pvt ltd) හා සියෙරා(sierra construction Ltd) යන සමාගම්වලට උතුරු වසන්තය ව්‍යාපෘති සහ නඩත්තු කටයුතු නීත්‍යානුකූලව කොටස් වශයෙන් ලබාදී ඇති විට ටෙලිකොම් ආයතනය ඩෝසරයක් ගෙන කිරීමට නියමිත ව්‍යාපෘති මොනවාද???(කුඩා ප්‍රමාණයේ කේබල මීටරයක් ඇදීමේ කොන්ත්‍රාත් සේවාගාස්තුව(unit rate contract price per meter) පමණක් මීටරයට රුපියල් 100කට ආසන්න අගයක් ගනී.

4. පාලනාදිකාරිය පවසන පරිදි සමාගම පාඩු සහිතව ගමන් කරන්නේ නම් ඉතා සුලු නඩත්තු කටයුතු වලට ඩෝසරයක් පැයකට දෙකකට කුලියට ගැනීම වෙනුවට ඩෝසරයක් මිලදී ගන්නේ ඇයි??

අලුතින් මිලදීගන්නා සහ ඔහේ දිරමින් පවතින මොන්ටේරෝ,,වොල්වෝ,,ප්‍රාඩෝ වලට වඩා ඩෝසරයක් ගැනීම වටී..එහෙත් කරන්නට වැඩක් නැත්නම් ඩෝසරයෙන් කිනම් පලක්ද....මේ නරි නාටක අවසන සිදුවන්නේ අලාභ දරාගත නොහැකි ටෙලිකොම් සමාගම නියාමන කොමිසම හරහා මිල පාලනය කර ජනතාවට ලැබෙන්න තියෙන සහන පාරත් කපා දැමීම හැර වෙන කුමක්ද???

Sunday, August 1, 2010

ස්කයි නෙට්වර්ක්(Sky Network)

වයි මැක්ස් කියන තාක්ශනය ඔස්සේ රැහැන් රහිත අධිවේගී ඉන්ටර්නෙට් තාක්ශනය හඳුන්වාදෙන්න කියල නැකැත් බලල දැන් අවුරුදු 2ක් විතර ඒත් තාම ඒ ව්‍යාපෘතිය නමින්ම කියනව වගේ ස්කයි නෙට්වර්ක්(Sky Network) වෙලා ඉවරයි...රජයට සම්බන්ධ ඉහලම පෙලේ පුද්ගලයකු සම්බන්ධ වුනු ස්කයි නෙට්වර්ක් ආරම්භ කරන්නේද විශාල මගඩියක් ගෙනහැර පාමින්..එය ගැන විස්තර ලංකා ඊ නිවුස්(Lanka e news) හරහා පලවූ නිසා යලිත් පැවසීම වැඩක් නැතිවෙයි කියල මම හිතනව...
ස්කයි නෙට්වර්ක් තාම පටන්ගන්න නැතිවෙන්න හේතුවක් විදිහට ඇතුලෙ අය දකින්නෙ තාක්ශනික දෝශ සහිත අඩු විභවයකින් යුතු උපකරණ ආනයනය කිරීම....
අපි ටිකක් බලමු මොකක්ද මේ වයි මැක්ස්(wi Max) කියන්නෙ කියල..දැන් ඔයාල දන්නව ටෙලිකොම් එකෙන් ඒඩී එස් එල්(ADSL-Asymetric Digital Subcriber Line) කියන තාක්ශනය හරහා නිවාස සහ වානිජ අවශ්‍යතා සඳහා ඉන්ටර්නෙට් ලබාදෙනව...ඒත් කේබල් ප්‍රශ්ණ(cable problems)...හුවමාරු මධ්‍යස්තාන ධාරිතාව(Switching capacity),ජාලගත ධාරිතාව(Network comfortability) වාගෙ බොහෝ ගැටලු නිසා ටෙලිකොම් සමාගමට ලන්කාවෙන් අටෙන් එකකටවත් ඒ ඩී එස් එල් පහසුකම දෙන්න විදිහක් නෑ...ඒකට විසඳුමක් විදිහට ටෙලිකොම් සමාගම වයර් රහිත තාක්ශනයක් සහිත වයි මැක්ස් කියන තාක්ශනික ක්‍රමවේදය කරා යොමුවෙනව..එතකොට ටවර් එකක සිට කිලෝමීටර 10-15ක ඈතින් හිටියත් යස අගේට ඉන්ටර්නෙට් යන්න පුලුවන් කියල තමා පොතපතේ ඔය තාක්ශනය ගැන තියෙන්නෙ..
මේ වාගෙ තාක්ශනයක් හඳුන්වාදෙන්න උවමනාව තිබුනත් ඒ වෙනකොට ටෙලිකොම් සමාගමට ටී ආර් සී(Telecommunication Regulation Commission) එකෙන් ඒ සඳහා බලපත් ලැබී තිබුනෙ නෑ...ඉතින් කපටි නුවනක් තිබුනු ඒ කාලෙ ටෙලිකොම් අධ්‍යක්ශ මන්ඩලය හා ටෙලිකොම් සභාපතිනිය ජනාධිපතිතුමා ගේ නෑ වෙන කෙනෙකුට කලින්ම කොම්පැනියක් හදන්න කීවා...ඊට පස්සෙ රජය මාර්ගෙන් අර කියපු කොම්පැනියට වයර් රහිත අන්තර්ජාල පහසුකම (Wireless Broadband)හා සම්බන්ධ බලපත්‍රය ලබා දෙනව....දැන් තුන්වෙනි අදියර විදිහට අර කොම්පැනිය ටෙලිකොම් සමාගමට අනුයුක්ත කරගන්නව....කිසිම ආකාරයක ලාභයක් නොලබපු කොම්පැනියක් ව්‍යාපෘතියේ 60%ක ලාභ ඔවුන් සතුවන පරිදි ස්කයි නෙට්වර්ක් නමින් ටෙලිකොම් සමාගමට අනුයුක්ත වන්නෙ අන්න එහෙමයි..
ඉතින් ඔය බයිල සන්දර්ශනේ ඉවර වෙලා කීවෙ පහුගිය අවුරුද්දෙ ජූලි මාසෙ වෙනකොට ටෙලිකොම් එකට ස්කයි නෙට්වර්ක් හරහා වය් මැක්ස් දෙන්න පුලුවන් කියල...ඒත් දැන් අවුරුද්දක් තිස්සෙ සද්දෙ විතරයි තාම හඳුන්වාදුන්නු ස්කයි නෙට්වර්ක් වයි මැක්ස් එකක් නෑ...කලින් පරීක්ශන සඳහා විශේෂයෙන් ආනයනය කරපු ඇල්කටෙල්(Alcatel) වාගෙ යුරෝපීය සමාගම්වල උපකරන කිලෝමීටර 20 කදිත් ඉහල තත්වයක සම්බන්ධතාවයක් පෙන්නුම් කලත් දැනට චීනෙන් ගෙනාපු හුවාවේ(Huawei) බඩුවලට කිලෝමීටර 3ක ප්‍රමාණයක්වත් කවර් කරගන්න බෑ කියල තමා කියන්නෙ...
ඕකට එක හේතුවක් තමා ටෙලිකොම් සමාගම තාමත් ඕනෑම උපකරනයක් මිලදී ගැනීමේදී ඉහලම තත්වය වෙනුවට භාවිතා කරන්නේ අඩු මිල කෙසේ හෝ වැඩ කියන තියරි එක.....සීඩීඑම් ඒ,ටෙලිෆෝන්,කේබල,අනෙක් උපකරන ආදී බොහොමයක් ටෙලිකොම් මඟින් ගෙන්වන උපකරනවල ඔය කියන ලෝකොලටි කියන දෝශය තියනව....චීන සමාගම්වල උනත් යුරෝපීය වෙළඳපොලට නිශපාදනය කරන ඉතා ඉහල තත්වයේ උපකරන තිබුනත් අපේ ලන්කාවට එන බොහොමයක් උපකරණ ඔවුන්ගේ පරීක්ශණ වලින් අසමත් වෙන ඒව කියල තමයි,,,අපේ සමහර ඉන්ජිනේරු මහත්වරු කියන්නෙ...නැත්නම් මොකද සීරෝ කරගන්නම මාර අමාරු ෆෝල්ට් තොගයක් එකපාර ටෙලිකොම් එකට එන්නෙ...දිනපතාම????