Tuesday, December 14, 2010

The bonus season of telecom

බෝනස් ලැබීම....මෙවර ටෙලිකොම් ආයතින සේවකයින්ට අවමය රුපියල් 70,000ක බෝනස් මුදලක් ලැබෙන අතර මෑන්පවර් සේවකයින්ට රුපියල් 15,000කට අඩු මුදලක් බෝනස් එකක් නොව දීමනාවක් ලෙස ලැබේ..මේ ප්‍රමාණයවත් ලබාදීමට තීරණය කර ඇත්තේ වෘත්තීය සමිති වල ඉල්ලීම නිසාය..කල තුටු කල වල ඉහින යූනියන් කාරයෝ කිසිවෙක් අපිට විස්වාස නැත..ඔවුනට අවැසි වන්නේ අපේ සහය ඔවුන්ගේ යූනියන් වෙත ලබාගැනීම පමණි...70,000ක බෝනස් ලබන සේවකයෝ මෑන්පවර් අපිට 15000ක් දෙන ලෙස ඉල්ලා ඇත...අනේ අපේ මහතවෘන්ගේ මහා කරුණාව...සාදු සාදු සාදු...

Sunday, November 7, 2010

කරාටි ඉංජිනේරුවා....

නන්දසිරි ලොකුකලුගේ යනු සුප්‍රකට කරාටේ ක්‍රීඩකයෙකි..ඔහු පදක්කම් ගනනාවක් දිනා ඇත..ඔහු ශාරීරික සුවතා පිළිබඳ විසේසයෙන් හදාරා ඇත..
මීට වසර දෙක තුනකට පෙර ඔහු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට එකතු විය..ඒ A-10 නැමති ශ්‍රේනියෙනි..ඔහු එවිට තාක්ශනික සහකරුවෙකි(TTA).
ඉන්පසු ඔහු ටෙලිකොම් ආයතනයේ ශරීර සුවතා හා ක්‍රීඩා සම්බන්ධ නිලතල කීපයක් දැරීය..ටෙලිකොම් ආයතනයේ අයට නොමිලේ කරාටි පන්තියක්ද පවත්වන ලදී..
එහෙත් ඔහු සේවයේ නියුතු වූයේ සම්ප්‍රේශන ව්‍යාපෘති අංශයේය..ඔහුට තාක්ශනික හෝ ව්‍යාපෘති දැනුමක් තිබීදැය් අප නොදනිමු..එහෙත් ලංකාව පුරා ඉතා විශාල වැඩ ප්‍රමාණයක් වෙන එම අංශයට ඔහුගෙන් ලැබුන සේවයක් නැත..තිලක් සිල්වා නම් වූ පුද්ගලයාගේ සමීප හිතවතෙක් වූ නන්දසිරි කිසිම වැඩක් නොකලත් එම අංශයේ ප්‍රධාන නිලදාරියා තිලක් ද සිල්වා වූ නිසා නන්දසිරිගේ ඇගයීම් ලකුනු ඉතා ඉහල විය..
තිලක් ද සිල්වා කලක් කරාටේ ඉගෙන ගෙන ඇත්තේ මොහුගෙන් විය යුතුය එහෙත් සියලු වරප්‍රසාද සහිතව සහකාර ඉන්ජිනේරු ශ්‍රේනිය දක්වා උසස් වීමට නන්දසිරිට සිල්වානෝ නොමද සහයක් ලබාදුන්නේය..ඉන්නට තැනක් නොමැතිව තැන තැන ඇවිදින විධායක සහකාර ඉන්ජිනේරුවරු සිටින මූලස්තාන ශාකාවේ අලුතින් පත්වූ සහකාර ඉන්ජිනේරු නන්දසිරිට කාමරයක් පුටුවක් මේසයක් ලැබුනි..මොනදේ ලැබුනත් දවසේම අමතර වැඩ සහ තැන තැන කතා කිරීමට අමතරව නන්දසිරිගෙන් ආයතනය ට අංශයට වූ සේවයක් නැත..
මේ ළඟදී නන්දසිරිට තවත් උසස් වීමක් ලැබුනි එනම් දැන් නන්දසිරි ඉන්ජිනේරු මහතෙකි..පිලිගත් ආයතනයක උපාධියක්..හෝ ඩිප්ලෝමාවක් හදාරා වුවද මෙතරම් ඉක්මනින් උසස් වීම් ලබාදීමට නන්දසිරි ආයතනයට කර ඇති සේවය කුමක්ද??ආයතනයේ මුදල් වියදම් කර ඔහු පිටරට ගොස් ලංකාවට සම්මාන රැගෙන එනවා වන්නට පුලුවන..එහෙත් ඒ අනුහස නිකම් බාස් කෙනෙකු වන නන්දසිරි ඉන්ජිනේරුවකු කිරීමට තරම් විශාලද??
සුදුසුකම් සපුරා ඇත්නම් නන්දසිරි ප්‍රධාන නිලදාරියෙකු වූවත් අපට කම් නැත ..එහෙත් උසස් ඩිප්ලෝමා සම්පූර්ණ කර ඉතා කැපවීමක් යටතේ දිවා රෑ නොබලා වැඩ කරන මෑන්පවර් සේවකයන් අනුකම්පා විරහිතව කුඩම්මාගේ සැලකිලි ලබද්දී නන්දසිරි අවුරුදු 2-3කින් ඉන්ජිනේරුවෙකු වන්නේ ඔහු කරාටේ ගහන නිසාද???
නන්දසිරිගෙන් ආයතනයට වැඩක් ගත යුතුනම් ඔහු සිටිය යුත්තේ මාකටින් හෝ ශරීර සුවතා හෝ ආරක්ශක අන්ශයකය එහෙත් නිකම් ඉඳීමට ලේසි නිසා නන්දසිරි තවමත් ව්‍යාපෘති අංශයේම සේවය කරයි..
අහෝ මෙතරම් දේ වීත් ටෙලිකොම් ආයතනික ඉංජිනේරුවන් නිදි ගැට නොකඩන හැඩ...
සතුරෝ ඔවුන්ගේ නිවසට විත් සිය බිරින්දෑ සමඟ නිද්‍රාගත වුවත් පසුව තමාට බිරින්ඳෑ භාවිත කලහැකි වේයැයි සිතා සැනසෙන ටෙලිකොම් වෘත්තීය සමිති වල ඇස් මේ වෙත දැන්වත් යොමු වේවායි පතමු..

Monday, November 1, 2010

පෙට්‍රල් ගැසීම....

පෙට්‍රල් ගැසීම....
අපේ රටේ පෙට්‍රල් ඩීසල් ගැසීමට පිරවුම් හල් තිබෙයි...ඉතින් බොහෝ ඒවා දැන් නවීන තාක්ශනයෙන් සන්නද්ධ වී ඇත...ඒවායේ බොහෝදුරට වන්නේ මුදලට අනුව තෙල් පිරවීමයි..ඉතින් අපිට ඕනි නම් රිපියල් සීයක උනත් තෙල් ගහත හැකි අලුත් සෙඩ් වලින් කිසි අමාරුවක් නැතිව...ඕනි ගාන කැල්කියුලේටරයක් වගේ එකකට ඇතුලත් කලාම ඒ ගානට හරියන තෙල් වදිනව,...අපිට ඒක ලොකු වාසියක් නැත්නම් පොඩි කාසි හොය හොය දඟලන්න වෙනව...

ඉතින් ඔය දැන් කොම්පියුටර තාක්ශනේට ලෝකෙ යද්දි මාරම විදිහෙ අලුත් දේවල් අපිට අහන්න දකින්න ලැබුන...ඉතින් ඒ අනුව දැන් ලෝකෙ ඉලෙක්ට්‍රොනික් කාඩ් එකෙන් තෙල් ගහන්න පුලුවනි...ඔයාල ක්‍රෙඩිට් කාඩ් ගැන දන්නවනම් ඒව පාවිච්චි කරන්න පුලුවනි නැත්නම් අපි අර මොබිටෙල් ඩයලොග් ප්‍රී පේඩ් කාඩ් ගන්නව වාගෙ ..කාඩ් එකක් ලොකු ගානක් දීල අරන් තෙල් ගහගන්න පුලුවන්...පිටරට ඒ තරන් හොඳට ඒ වාගෙ ලේසි දේවල් තියෙනව...එතකොට අපිට තියෙන්නෙ අපේ කාඩ් එක ඒ සහායක තුමාට දෙන එක විතරයි...
අපිට මේක කියන්න හිතුනෙ මෙතෙක් කල් අපේ ටෙලිකොම් මූලස්තාන ශාඛාවෙ තිබ්බ ඉන්ඪ්Hඅන පිරවීමේ ක්‍රමවේදය වෙනස් කරල...
අතින් පිරවෙන පෝරම් කොල සීල් වාගෙ දේඅවල් වලින් සමන් විත වුනු එම ක්‍රමවේදය දැක්කම අපිට මතක් වෙන්නේ ටෙලිකොම් එකේ තියෙන විශන් සහ මිශන්...
විද්‍යුත් සන්නිවේදනයේ මහගෙදර කියල හඳුන්වගන්න අපි තෙල් ටිකක් ගහගන්නත් කොල පුරවගෙන මහත්තුරු ළඟ පෝලිමේ ඉන්නව....ඒ අස්සන ගන්න...ඊට පස්සෙ ඒ තෙල් වලින් ගිහිපු ගමන් විස්තර හරියටම බැලන්ස් කරන්න ඕනි...ඇයි ශෙඩ් එක ලඟ තියෙන පෝලිම....හරිම ආශ්චර්යන් තමා.,,,,

Saturday, October 16, 2010

ශිෂ්‍යත්ව ප්‍රධානය,....

අද දින මූලස්ථාන ශාඛාවේදී ටෙලිකොම් මෑන්පවර් ආයතනයේ සේවකයින්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයක් පැවතිනි,,,එහිදී ශිෂ්‍යත්ව ප්‍රධානයක් සිදුවෙන ලදී...අප විසින් මේ දැනුවත් කිරීම සිදු කරන්නේ එම අවස්ථාවට සහභාගී නොවීම අපගේ කාර්යසාධන ලකුනු අඩුවීමට හේතුවක් විය හැකි නිසාය....අප ආයතනයේ මින්පෙර පැවති පිරිත්,ක්‍රීඩා උත්සව,චාරිකා වලට සහභාගී නොවීම පෙර පැවති කාර්යසාධන සම්මුඛ පරීක්ශන වල ලකුනු අඩුවීමට බලපාන ලදී....කාර්ය සාධන ලකුනු කෙලින්ම සිය අනාගත රැකියා දිවිය පිණිස බලපාන බැවින් මෙසේ ඔබව දැනුවත් කරමු..

දැන් එම අවස්ථාව සඳහා සහභාගී විය නොහැකි වුවත් බොරුවක් හෝ තෙපලීමට දවස වැදගත් වන බැවින් මේසේ මතක් කර සටහනක් තබමි..මින්පෙර ඔබව දැනුවත් කිරීමට නොහැකි වූයේ මූලස්ථානයේ සේවය කරන අප සහෘදයන් පවා මෙවැනි දෙයක් සම්බන්ධයෙන් දැනුවත් නොවී සිටි නිසාය....ඔබට ඔබේ සේවා ස්ථානයේ කෙතෙක් වැඩ තිබුනත් ආරන්චි වුවහොත් මෙවැනි අවස්ථාවලට නිවාඩුවක් දමා හෝ සහභාගීවන්න...මන්ද????

ටෙලිකොම් මෑන්පවර් ආයතනයේ කාර්යසාධන පරීක්ශන මෙහෙයවන්නේ කිසිදු තාක්ශනික දැනුමක් නොමැති කොම්පියුටර එබීමට පමණක් දන්නා යහලු යහෙලියන් වීම සහ ඔවුන් මෙවැනි උත්සව ගැන විනා කටෙලිකොම් ආයතනයේ තාක්ශනික සේවා ගැන මෙලෝ හසරක් නොදන්නා චූටි බබාලා වීමය...ඔවුන් එසේ වීම ඔවුන්ගේ වරදක් නොවේ එහෙත් බලලුන් ලවා කොස් ඇට බෑවීමට වඳුරන් උත්සාහ කරන විට බලලුන් සිය අවයව ගැන පරිස්සම් වීම වැදගත් වෙයි....

මෑන්පවර් සේවාව ගැන නොදන්න කෙනෙකුට මෙය කියවීමේදී ගැටලු ඇතිවිය හැක...එසේ ගැටලු පවතීනම් කරුනාකර කොමෙන්ට් එකකින් විමසන මෙන් කාරුණිකව ඉල්ලමි..

Saturday, September 4, 2010

ඉන්ටර්නෙට් මේ ඇතිද???

ඇත්තටම වෙනරටවල් එක්ක ගත්තහම ඉන්ටර්නෙට් අපිට මේ තරම් ස්ලෝ ඇයි????ඒක මාරම ප්‍රශ්නයක්.....

main server locations

ඇත්ත්ටම ප්‍රධාන සර්වර්වල ඉඳල තියෙන දුර බලපානව ස්පීඩ් එකට උදාහරන විදිහට දැන් ගූගල් යාහූ සර්වර් තියෙන්නෙ ඉන්දියාවෙන් නිසා අපිට ගොඩක් ඉක්මනට අනෙක් සර්ච් එන්ජින් වලට වඩා පහසුවෙන් යාහු ගූගල් ඇක්සස් කරන්න පුලුවනි...මෙතන දුර කියල කියන්නෙ භෞතිකව තියෙන දුර හෙම නෙමෙයි..ප්‍රධාන වශයෙන් අපිට හිමි නෙට්වර්ක්,, කේබල හා අපි විසින් හිමිකරගෙන තිබෙන මාර්ග...උදාහරනයක් කීවොත් අද එයාටෙල් ඩයලොග් වලින් ඉන්දියාවට රුපියල් දෙකකින් කතා කරන්න පුලුවන් උනාට මාලදිවයිනට කතා කරන්න රුපියල් 70ක් විතර යන්ව වැට් රහිතව ...උදාහරන විදිහට කීවොත් ස්කූල් නෙට් හරහා උබන්ටු සීඩී ඩවුන්ලෝඩ් කරගන්න යන්නෙ විනාඩි 10කටත් අඩු කාලයක් මොකද...ස්කූල් නෙට් තියෙන්නෙ ලන්කාවෙ නිසා....ඒ වාගෙම තවම ලන්කාවෙ අපිට අමෙරිකාව හා ජපානය කියන රටවලට ප්‍රධාන මුහුදු කේබල නෑ (sea-me-we=south east asia-middele east-western europe)ඒ නිසාත් අමෙරිකා ඉඳල ඇක්සස් වෙන ගොඩක් වෙබ් ඇප්ලිකේශන් ස්ලෝ කියල තමා ගොඩක් අය කියන්නෙ...

දැන් ලන්කාවෙ ඉන්ටර් නැශනල් දත්ත හුවමාරු වෙන්නෙ කෝමද???

ජාත්‍යන්තර මට්ටමේ ප්‍රධාන මුහුදු කේබල හිමි වෙන්නෙ ලන්කාවෙ දුරකතන සමාගම් දෙකකට විතරයි....එකක් ටෙලිකොම් අනික ලන්කා බෙල්....ඩයලොග් එයාටෙල්,,මොබිටෙල් ආදී ඒවයෙ ගොඩක් අන්තර්ජාතික දත්ත සම්ප්‍රේශනය වෙන්නෙ ටෙලිකොම් සමාගම සතුව තියෙන කේබල දෙකෙන්.(sea-me-we 3 & 4)..ඒත් දැනට ඒ දෙකෙන් වැඩ කරන්නෙ හොඳටම එකයි...අනෙක් පරන කේබලය හරහා යන දත්ත ප්‍රතිශතය අඩුයි...ලන්කා බෙල් කේබල ව්‍යාප්‍රතිය ගැන කීවොත් එයාලට ඒ තරම් ලොකු මාකට් එකක් ලන්කාවෙ නැති නිසා තවම එයාලට ආයෝජනය කල මුදල හොයාගන්න එක ගැටලුවක් වෙලා.....

මොකක්ද බොටල්(bottle neck) නෙක් එකක් කියන්නෙ....

ලන්කාව කෙලින්ම අන්තර්ජාතික කේබලයට සම්බන්ධ වෙන්නෙ නෑ...අපි ආරම්භයෙදි ආයෝජනය කරපු මුදල අනුව තමා අපිට හිමි වෙන කොටස තීරනය වෙන්නෙ..ඉතින් අපි අරගෙන තියෙන ලිමිට් එක ගොඩක් පොඩියි,,ඒ නිසා අපිට අර අසහාය ස්පීඩ් එකක් ලැබෙන්නෙ නෑ....මේකට කියන්නෙ ලන්කාව ඉනටර්නැශනල් කේබලයට(submarine cable) සම්බන්ධ වෙන්නෙ බෝතල හිසක් (bottle neck)හරහා කියල...

ඉතින් මේ ස්ලෝ එක නැති කරන්න ටී ආර් සී එක,,ටෙලිකොම් එක මොනාද කරන්නෙ..මොනවද ගන්න ක්‍රියා මාර්ග...
උත්තරය : තවම ඇඟට දැනෙන්න මුකුත්ම නෑ.....

Friday, September 3, 2010

නාමල් සහ රන්ජිත්.....

මෑන්පවර් ටෙලිකොම් හි ජොබක් ලබාගත හැක්කේ කෙසේද???

අවුරුද්දක සහතිකය,,තාක්ශනික පලපුරුද්ද ආදිය මූලික සුදුසුකම් උවත් ටෙලිකොම් ආයතනයට පැනීම මෙන්ම අමාරු කාර්යක් ලෙස අද මෑන්පවර් ආයතනයට ජොබට යෑම පත්වී ඇත...

පසුගිය මැතිවරණය අවසන නාමල් රාජපක්ෂට තංගල්ලේ වැඩ කල තරුණැ පිරිසක් ටෙලිකොම් හි රැකියාවට බඳවාගෙන ඇත..එසේ බඳවාගත් පිරිස සිතාගෙන සිට ඇත්තේ කෙලින්ම ටෙලිකොම් ආයතනයට බඳවා ගැනීම් සිදුකල බවයි..එහෙත් ටික කලක් යන විට කොකාගේ සුද මතුවෙන්ට පටන්ගෙන තිබේ...එනම් එම පිරිස නාමල් මහතාට වැරදී තමන්ව මෑන්පවර් කොම්පැනියකට දමා ඇති බව අවබෝධ කරගෙන ඇත...

මෙහිදී නාමල් යනු නාමල් රාජපක්ශ නැමැති තාරුණ්‍යයට හෙටක් සන්විධානයේ කැඳවුම්කාරයා වෙයි....

රන්ජිත් රුබසිංහ යනු..ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ශරීර සුව තා පිළිබඳ ඉන්ජිනේරු මහතෙකුව සිට...පසුකාලීනව නාමල් ගේ පවුල සමීපයට යෑමේ හැකියාව තිබූ පිනෙන් ටෙලිකොම් ආයතනයේ නියෝජිත සමාගමක් ලෙස පිහිටවනු ලැබූ මෑන්පවර් සමාගමේ වර්ථමාන ප්‍රධාන පරිපාලකයා වෙයි...ඔහුගේ ගම තංගල්ල ප්‍රදේශයේය..ඔහු රාජපක්ශ මැදි මහ විදුහලේ ආදි සිසු සංගමයේ නිලධාරියෙකි...ඉතා කපටි මොල ගෙඩියකින් හා සමනල කටහඬකින් හෙබි මෙතුමා බෝල බස්සවා මෑන්පවර් සේවකයින් ඉතා ආදරයෙන් රැකබලා ගනී....

මේ දේවල් බොරුයැයි සිතන කෙනෙකුට මා එක ප්‍රශ්නයක් ඉදිරිපත් කරමි...මේ වසර මුලදී එක්තරා අවස්තාවක මෑන්පවර් ආයතනයට බඳවාගත් පාරිභෝගික සේවා නිලධාරීන් සියලු දෙනාම තාරුණ්‍යයට හෙටක් සන්විදානයේ හම්බන්තොට යාවජීව කැන්වසින් සාමාජිකයින්ම වූයේ ඇයි???

Wednesday, August 25, 2010

නිල ඇඳුම

නිල ඇඳුම ලෙස නිකම් ලැබෙන මෙලොව් රහක් නොමැති කුරුල්ලා සහිත නිල් කමීසය මිලදී ගත හැකි බව අපට දන්වනු ලැබ තිබේ....

*ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රමිතිවලට අනුකූලව වැඩ කිරීම සඳහා අපි නිල ඇඳුම් මිලදී ගෙන ඇඳිය යුතුද????

*අප හා සමාන්තර සේවකයින් හට මුලු ඇඳුමම ලැබෙන්නේ අප ඇන්දීම සුදුසු කමීස පමනක්ද????

*සිටින 1000ක් වැනි මෑන්පවර් සේවකයින්ට නියම තත්වයේ වැඩකට ඇඳිය හැකි මට්ටමේ කමීසයක් දීමට නොහැකි තරම් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය බන්කොලොත් වී ඇතිද???

ඔබ මෑන්පවර් සේවකයෙක් වෙයි නම් ඔබ විසින් මෙම මහඟු අවස්තාව ඔබේ කම්කරු සේවයේ,,මඩගොවිතැනේ,,පිරිසිදු කිරීමේ,,සහ යාචක රැකියාවෙ යෙදෙන අයට කමීස මිලදී ගැනීම සඳහා මිස
මුදල් දී ආයතන නාමයක් එල්ලාගෙන යාමට භාවිත නොකරන මෙන් ඉල්ලා සිටිමු....

Sunday, August 8, 2010

ඩෝසර බෙදීම

ශ්‍රී ලංකා ටෙලිකොම් මූලස්තාන ශාඛාවේ හරි අපූරු උත්සවයක් පසුගිය දිනෙක පැවැත්විනි...එනම් උතුරු වසන්තය වැඩසටහනේ ටෙලිකොම් වැඩසටහන් සඳහා ඩෝසර් රථයක් පරිත්‍යාග කිරීමේ උත්සවයය්..ප්‍රධාන විධායක නිලධාරී මහතාගේ සුරතින් ඒ හා සම්බන්ධ මහත්වරුන් කීප දෙනෙකුගේ මැදිහත්වීමෙන් ඩෝසර රථය පනගැන්වෙන ලදී....
අපට ඇති ප්‍රශ්ණ අංක වශයෙන් දක්වමු...

1. උතුරු වසන්තය ව්‍යාපෘති අවසන් අදියර වල පවතිනවිට ඩෝසරයක් මිලදී ගන්නේ ඇයි....

2. නඩත්තු කටයුතු කේබල ඇදීමේ සිට නව සබඳතා පවා දීගත නොහැකි මට්ටමට භෞතික හා මානව සම්පත් හිඟතාවයක් පවතිනවිට ඩෝසරයක් දීමෙන් පමණක් වැඩ කල හැකිද????

3. කොම්ටෙක්(comtec system pvt ltd) හා සියෙරා(sierra construction Ltd) යන සමාගම්වලට උතුරු වසන්තය ව්‍යාපෘති සහ නඩත්තු කටයුතු නීත්‍යානුකූලව කොටස් වශයෙන් ලබාදී ඇති විට ටෙලිකොම් ආයතනය ඩෝසරයක් ගෙන කිරීමට නියමිත ව්‍යාපෘති මොනවාද???(කුඩා ප්‍රමාණයේ කේබල මීටරයක් ඇදීමේ කොන්ත්‍රාත් සේවාගාස්තුව(unit rate contract price per meter) පමණක් මීටරයට රුපියල් 100කට ආසන්න අගයක් ගනී.

4. පාලනාදිකාරිය පවසන පරිදි සමාගම පාඩු සහිතව ගමන් කරන්නේ නම් ඉතා සුලු නඩත්තු කටයුතු වලට ඩෝසරයක් පැයකට දෙකකට කුලියට ගැනීම වෙනුවට ඩෝසරයක් මිලදී ගන්නේ ඇයි??

අලුතින් මිලදීගන්නා සහ ඔහේ දිරමින් පවතින මොන්ටේරෝ,,වොල්වෝ,,ප්‍රාඩෝ වලට වඩා ඩෝසරයක් ගැනීම වටී..එහෙත් කරන්නට වැඩක් නැත්නම් ඩෝසරයෙන් කිනම් පලක්ද....මේ නරි නාටක අවසන සිදුවන්නේ අලාභ දරාගත නොහැකි ටෙලිකොම් සමාගම නියාමන කොමිසම හරහා මිල පාලනය කර ජනතාවට ලැබෙන්න තියෙන සහන පාරත් කපා දැමීම හැර වෙන කුමක්ද???

Sunday, August 1, 2010

ස්කයි නෙට්වර්ක්(Sky Network)

වයි මැක්ස් කියන තාක්ශනය ඔස්සේ රැහැන් රහිත අධිවේගී ඉන්ටර්නෙට් තාක්ශනය හඳුන්වාදෙන්න කියල නැකැත් බලල දැන් අවුරුදු 2ක් විතර ඒත් තාම ඒ ව්‍යාපෘතිය නමින්ම කියනව වගේ ස්කයි නෙට්වර්ක්(Sky Network) වෙලා ඉවරයි...රජයට සම්බන්ධ ඉහලම පෙලේ පුද්ගලයකු සම්බන්ධ වුනු ස්කයි නෙට්වර්ක් ආරම්භ කරන්නේද විශාල මගඩියක් ගෙනහැර පාමින්..එය ගැන විස්තර ලංකා ඊ නිවුස්(Lanka e news) හරහා පලවූ නිසා යලිත් පැවසීම වැඩක් නැතිවෙයි කියල මම හිතනව...
ස්කයි නෙට්වර්ක් තාම පටන්ගන්න නැතිවෙන්න හේතුවක් විදිහට ඇතුලෙ අය දකින්නෙ තාක්ශනික දෝශ සහිත අඩු විභවයකින් යුතු උපකරණ ආනයනය කිරීම....
අපි ටිකක් බලමු මොකක්ද මේ වයි මැක්ස්(wi Max) කියන්නෙ කියල..දැන් ඔයාල දන්නව ටෙලිකොම් එකෙන් ඒඩී එස් එල්(ADSL-Asymetric Digital Subcriber Line) කියන තාක්ශනය හරහා නිවාස සහ වානිජ අවශ්‍යතා සඳහා ඉන්ටර්නෙට් ලබාදෙනව...ඒත් කේබල් ප්‍රශ්ණ(cable problems)...හුවමාරු මධ්‍යස්තාන ධාරිතාව(Switching capacity),ජාලගත ධාරිතාව(Network comfortability) වාගෙ බොහෝ ගැටලු නිසා ටෙලිකොම් සමාගමට ලන්කාවෙන් අටෙන් එකකටවත් ඒ ඩී එස් එල් පහසුකම දෙන්න විදිහක් නෑ...ඒකට විසඳුමක් විදිහට ටෙලිකොම් සමාගම වයර් රහිත තාක්ශනයක් සහිත වයි මැක්ස් කියන තාක්ශනික ක්‍රමවේදය කරා යොමුවෙනව..එතකොට ටවර් එකක සිට කිලෝමීටර 10-15ක ඈතින් හිටියත් යස අගේට ඉන්ටර්නෙට් යන්න පුලුවන් කියල තමා පොතපතේ ඔය තාක්ශනය ගැන තියෙන්නෙ..
මේ වාගෙ තාක්ශනයක් හඳුන්වාදෙන්න උවමනාව තිබුනත් ඒ වෙනකොට ටෙලිකොම් සමාගමට ටී ආර් සී(Telecommunication Regulation Commission) එකෙන් ඒ සඳහා බලපත් ලැබී තිබුනෙ නෑ...ඉතින් කපටි නුවනක් තිබුනු ඒ කාලෙ ටෙලිකොම් අධ්‍යක්ශ මන්ඩලය හා ටෙලිකොම් සභාපතිනිය ජනාධිපතිතුමා ගේ නෑ වෙන කෙනෙකුට කලින්ම කොම්පැනියක් හදන්න කීවා...ඊට පස්සෙ රජය මාර්ගෙන් අර කියපු කොම්පැනියට වයර් රහිත අන්තර්ජාල පහසුකම (Wireless Broadband)හා සම්බන්ධ බලපත්‍රය ලබා දෙනව....දැන් තුන්වෙනි අදියර විදිහට අර කොම්පැනිය ටෙලිකොම් සමාගමට අනුයුක්ත කරගන්නව....කිසිම ආකාරයක ලාභයක් නොලබපු කොම්පැනියක් ව්‍යාපෘතියේ 60%ක ලාභ ඔවුන් සතුවන පරිදි ස්කයි නෙට්වර්ක් නමින් ටෙලිකොම් සමාගමට අනුයුක්ත වන්නෙ අන්න එහෙමයි..
ඉතින් ඔය බයිල සන්දර්ශනේ ඉවර වෙලා කීවෙ පහුගිය අවුරුද්දෙ ජූලි මාසෙ වෙනකොට ටෙලිකොම් එකට ස්කයි නෙට්වර්ක් හරහා වය් මැක්ස් දෙන්න පුලුවන් කියල...ඒත් දැන් අවුරුද්දක් තිස්සෙ සද්දෙ විතරයි තාම හඳුන්වාදුන්නු ස්කයි නෙට්වර්ක් වයි මැක්ස් එකක් නෑ...කලින් පරීක්ශන සඳහා විශේෂයෙන් ආනයනය කරපු ඇල්කටෙල්(Alcatel) වාගෙ යුරෝපීය සමාගම්වල උපකරන කිලෝමීටර 20 කදිත් ඉහල තත්වයක සම්බන්ධතාවයක් පෙන්නුම් කලත් දැනට චීනෙන් ගෙනාපු හුවාවේ(Huawei) බඩුවලට කිලෝමීටර 3ක ප්‍රමාණයක්වත් කවර් කරගන්න බෑ කියල තමා කියන්නෙ...
ඕකට එක හේතුවක් තමා ටෙලිකොම් සමාගම තාමත් ඕනෑම උපකරනයක් මිලදී ගැනීමේදී ඉහලම තත්වය වෙනුවට භාවිතා කරන්නේ අඩු මිල කෙසේ හෝ වැඩ කියන තියරි එක.....සීඩීඑම් ඒ,ටෙලිෆෝන්,කේබල,අනෙක් උපකරන ආදී බොහොමයක් ටෙලිකොම් මඟින් ගෙන්වන උපකරනවල ඔය කියන ලෝකොලටි කියන දෝශය තියනව....චීන සමාගම්වල උනත් යුරෝපීය වෙළඳපොලට නිශපාදනය කරන ඉතා ඉහල තත්වයේ උපකරන තිබුනත් අපේ ලන්කාවට එන බොහොමයක් උපකරණ ඔවුන්ගේ පරීක්ශණ වලින් අසමත් වෙන ඒව කියල තමයි,,,අපේ සමහර ඉන්ජිනේරු මහත්වරු කියන්නෙ...නැත්නම් මොකද සීරෝ කරගන්නම මාර අමාරු ෆෝල්ට් තොගයක් එකපාර ටෙලිකොම් එකට එන්නෙ...දිනපතාම????

Saturday, July 24, 2010

CDMA

කලින්ම සී ඩී එම් ඒ හඳුන්වා දුන්නෙ ටෙකොම් නොවේ..සිය අතවැසියන් සේවකයන් ලෙස බඳවාගැනීමට එවකට ජපාන පරිපාලනය අකමැති වූ නිසා රජයේ 50%ක කොටස් තිබියදීත් අපේ දි මු ඇමති සිටි කාලයේ ටෙලිකොම් ආයතනට පෙර සී ඩී එම් ඒ පහසුකම ලන්කාබෙල් සහ සන්ටෙල් සමාගම් වලට ලබාදුන්නා...ඉන්පසු කරලියට සිටිලින්ක් ලෙස පැමිණි සීඩී එම් ඒ පහසුකම එවකට අනෙක් සීඩීඑම් ඒ මිල දෙකම අභිබවා රුපියල් 18500ක් පමන උනා..ඉතින් ඒ තරම් ලොකු ගානක් උනත අපේ අය තාම ආන්ඩුවෙ කියල සී ඩී එම් ඒ ගත්ත...ඒත් අද ටෙලිකොම් සීඩීඑම් ඒ තියෙන ගොඩක් ගෙවල වලින් ටෙලිකොම් මහත්වරු එයාලගෙ අම්මලත් එක්ක බැනුම් අහනව..

ගොඩක් ගෙවල් වල තියෙන සීඩීඑම් ඒ ෆෝන් 7-8 පාර ක් සර්විස් කරන්න වෙලා..දිගින් දිගටම කැහි ගෑනි එපා හොටු එකක් දෙන්න කියල කට්ටිය මාරු කරන් ආවත් ඒ ෆෝන් වල දෝශ කොනක් කෙලවරක් නෑ...වෙලාවකට ඩිස්ප්ලේ..තව වෙලාවකට සවුන්ඩ්...නැත්නම් රින්ග්ස්..සිග්නල් පෙන්නනව කතා කරන්න බෑ,,,,ඇහෙන්නෙ නෑ..බැටරි නෑ..සමහරුන්ට දැන් ඔය සී ඩී එම් ඒ එක අරන් ටෙලිකොම් එකකට යනව කියන්නෙ අර ක්වාටර් කර්මේට ඉන්ශුවරන්ස් වාරික ගෙවන්න යනව වාගෙ වැඩක් වෙලා...එතින් ඒ ගියත් ටෙලිකොම් මහත්තයෙක් හරි අර මොකෙක් හරි කොල්ලෙක් හරි හම්බවෙලා කතා කොරන්න ලැබෙන්නෙ නෑ..

සිකුරිටිගෙ රැස්පට් බලල අර නොම්මරේකට කතාකොරල කියල එතන ෆෝන් එක දමල එන්න වෙනව...ලඟදි පියුම් කෙනෙක් වාගෙ එකෙක් ෆෝන් හදන්න ජන්ගම සේවෙට දැම්මත් උන් ගෙවල්වලට එනව හොරයි...ටෙලිකොම් එකෙන් ගෙනත් තියන්න කියල තමා කියන්නෙ...ඔව්වට අර ෆෝල්ට් දමන එකත් මහ විකාරයක් 1241 ට කතා කොරල කියන්නලු..ඉතින් අපේ හෑන්ඩ් ෆෝන් එකකින් හරි වෙන එකකින් හරි ගත්තම ඔය අංක වැඩකොරන්නෙ නෑ...මහලොකුවට මොබිටෙල් එකත් ටෙලිකොම් එකේලු..ඔය මොබිටෙල් එකකින්වත් ඔය 1241ට ගන්න බෑ...

ටැලිකොම් එකේ ෆෝන් එක කැඩුන නම් කොහොමද ඒකෙන් කෝල් ගන්නෙ කියල මම හිතන්නෙ ලොකු අයට තේරෙන්නෙ නැතිව ඇති..ඔය 1241 ට ගානක් කැපෙන්නෙ නෑ කිව්වට අපේ ගම්වල මිනිස්සු ඔය ෆෝල්ට් දමන්න විනාඩි ගනන් ඉන්න ෆෝන් එක දෙන්න කැමති නෑ...ඒ අය හිතන්නෙ ම ඒකටත් සල්ලි යනව කියල....

අනික් කොම්පැනිවලින් දීපු සී ඩී එම් ඒ ෆෝන් අපේ සිටිලින්ක් තරන් දෝස නෑ...ඩයලොග් ඒවයෙත් ඒ තරම් දෝසයක් නෑ...මම දන්න හත් අට පලකම ඩයලොග් ෆෝන් එක කීප වතාවක් බිම වැටුනත් යකා වාගෙ වැඩ...බ්‍රේක්ඩවුන් නැතිම තරන්...ඒකට සිටිලින්ක් වතුර ඩින්ගක් අතේ ගෑවිල කෝල් එකක් ගත්තත් හෙට ඒක උස්සන් ටෙලිකොම් යන්න වෙනව....

අපිට මේ ඔක්කොම කැඩෙන අජී හුවායි ඉසෙට් ටී ෆෝන් අරගෙන ලේසියෙන් නොකැඩෙන එකක් දුන්නනම් දෝස හදන්න වියදම් අඩුවෙනව මයෙ හිතේ...අපේ මහත්තුරු දෝස වැඩිවෙනකොට වැඩිගානක් ගෙවල හොඳ ෆෝන් එකක් අරන් දෙනව වෙනුවට කලේ පඟරනැට්ටො ටිකක් දම්මල ෆෝන් මාරු කරන්න දැම්ම...උන් කරන්නෙ ෆෝන් එකෙ වැඩ නැත්නම් ෆෝන් එකක්...ඩිස්ප්ලේ නැත්නම් ඩිස්ප්ලේ,,,බැටරි නැත්නම් බැටරි,,රිසීවරේ අවුල් නම් රිසීවර් විදිහට කෑලි මාරු කරන එක විතරයි,,,හදන්න දන්න අලබෝලයක් නෑ...ඔය ඔක්කොම තියෙන හොඳ එකක් පාරිභෝගිකයට දෙන එක හත් අට වතාවක් ෆෝන් ගෙන්නවට වඩා හොඳ කියල අපි හිතන්නෙ..

අපි කිව්වට එක ෆෝන් එකට එක කස්ටර්මර්ට ෆෝන් 7ක් ගේන්න බාල ෆෝන් වලට ටෙන්ඩර් 7ක් දමනකොට ටෙලිකොම් ලොකු මහත්වරුන්ට ලැබෙන කොමිස් නැති උනාම ගොඩක් අප්සට් නිසා මේව වෙන එකක් නෑ කියල අපි හිතන්නෙ....
ඉතින් මේව බලන අය දන්න කියන තැනක මේතාක් වසරකට වඩා කාලයක් නොකැඩී තිබුන ෆෝන් සිටිලින්ක් එකක් තියනවනම් එයා පුදුම වාසනා මහිමයක් තියෙන කෙනෙක් විදිහට අපිට හඳුන්වන්න පුලුවනි...

තව එකක් කට්ටිය සිටිලින්ක් දෙනකොට ඉන්ටර්නෙට් යන්නත් පුලුවනි කියල තමා දුන්නෙ..ඒත් ඒකෙන් ඉන්ටර්නෙට් ගිහින් බලනවට වඩා ලේසියි ඉබ්බෙකුගෙ පිටේ නැගල ටවුමට ගිහින් රුපියල් 100ක් දමාගෙන HSDPA මොඩම් එකෙන් ඉන්ටර්නෙට් යන එක..ඒ තරම් අසහාය ස්පීඩ් එකක් සිටිලින්ක් නෙට් වල තියෙන්නෙ...