Sunday, August 8, 2010

ඩෝසර බෙදීම

ශ්‍රී ලංකා ටෙලිකොම් මූලස්තාන ශාඛාවේ හරි අපූරු උත්සවයක් පසුගිය දිනෙක පැවැත්විනි...එනම් උතුරු වසන්තය වැඩසටහනේ ටෙලිකොම් වැඩසටහන් සඳහා ඩෝසර් රථයක් පරිත්‍යාග කිරීමේ උත්සවයය්..ප්‍රධාන විධායක නිලධාරී මහතාගේ සුරතින් ඒ හා සම්බන්ධ මහත්වරුන් කීප දෙනෙකුගේ මැදිහත්වීමෙන් ඩෝසර රථය පනගැන්වෙන ලදී....
අපට ඇති ප්‍රශ්ණ අංක වශයෙන් දක්වමු...

1. උතුරු වසන්තය ව්‍යාපෘති අවසන් අදියර වල පවතිනවිට ඩෝසරයක් මිලදී ගන්නේ ඇයි....

2. නඩත්තු කටයුතු කේබල ඇදීමේ සිට නව සබඳතා පවා දීගත නොහැකි මට්ටමට භෞතික හා මානව සම්පත් හිඟතාවයක් පවතිනවිට ඩෝසරයක් දීමෙන් පමණක් වැඩ කල හැකිද????

3. කොම්ටෙක්(comtec system pvt ltd) හා සියෙරා(sierra construction Ltd) යන සමාගම්වලට උතුරු වසන්තය ව්‍යාපෘති සහ නඩත්තු කටයුතු නීත්‍යානුකූලව කොටස් වශයෙන් ලබාදී ඇති විට ටෙලිකොම් ආයතනය ඩෝසරයක් ගෙන කිරීමට නියමිත ව්‍යාපෘති මොනවාද???(කුඩා ප්‍රමාණයේ කේබල මීටරයක් ඇදීමේ කොන්ත්‍රාත් සේවාගාස්තුව(unit rate contract price per meter) පමණක් මීටරයට රුපියල් 100කට ආසන්න අගයක් ගනී.

4. පාලනාදිකාරිය පවසන පරිදි සමාගම පාඩු සහිතව ගමන් කරන්නේ නම් ඉතා සුලු නඩත්තු කටයුතු වලට ඩෝසරයක් පැයකට දෙකකට කුලියට ගැනීම වෙනුවට ඩෝසරයක් මිලදී ගන්නේ ඇයි??

අලුතින් මිලදීගන්නා සහ ඔහේ දිරමින් පවතින මොන්ටේරෝ,,වොල්වෝ,,ප්‍රාඩෝ වලට වඩා ඩෝසරයක් ගැනීම වටී..එහෙත් කරන්නට වැඩක් නැත්නම් ඩෝසරයෙන් කිනම් පලක්ද....මේ නරි නාටක අවසන සිදුවන්නේ අලාභ දරාගත නොහැකි ටෙලිකොම් සමාගම නියාමන කොමිසම හරහා මිල පාලනය කර ජනතාවට ලැබෙන්න තියෙන සහන පාරත් කපා දැමීම හැර වෙන කුමක්ද???

2 comments:

  1. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ, ආයතනික ප්‍රගමනය උදෙසා කිසිදු කටයුත්තක් සිදු‍වෙන්නේ නැද්ද? ඔබ SLT manpower solutions හි සේවක භවතෙක් ද?

    ReplyDelete
  2. මචන් මම මහ ලොකු වට ඉගනගත්ත කෙනෙක් නෙමෙයි...ඒත් මේ ආයතනයෙ ඉන්න ගොඩක් අය ඉගනගත්ත අය උනත් කරන තරමක් දේවල් කිසිම ලොජිකලි සහ ප්‍රැක්ටිකලි එයාල ඉගනගත්ත දේ වල් නෙමෙයි.....ටෙලිකොම් සමාගමේ මූලික අරමුන මොකක්ද???ඒ වෙනුවෙන් කෙරන සඵලදායී දේවල් මොනාද???ටිකක් සාර්ථක ආරම්භයක් විදිහට අලුතින් තියෙන ප්‍රතිව්‍යුහකරනය දකින්න පුලුවන්....ඔයා නිකමට දන්න දැනට ක්‍රියාත්මක සාර්ථක අංශයක් මේ ආයතනයෙ කියන්න...මම කියන්නම් ඒ ගැන මම දන්නවනම් ඇත්ත තත්වය.....ඉලක්කම් 6 සමස්ථ වැටුපකට හිමිකම් කියන නිලධාරී තොගයක් ඉන්න මේ වාගෙ සමාගමක් මීට වඩා දෙයක් රට වෙනුවෙන් කරන්න පුලුවන් කියල මම හිතන්නෙ...හොඳ වැඩට අපි කකුල් දාන්නෙ නෑ....

    ReplyDelete